ලිට්‍රෝ ගෑස් මිල අඩු වෙද්දී ලාෆ් ගෑස් මිල ගැනත් විශේෂ දැනුම්දීමක්
එළඹෙන සැප්තැම්බර් මාසය සඳහා වන ලාෆ්ස් ගෘහස්ථ එල්.පී. ගෑස් මිල ගණන්හි කිසිදු සංශෝධනයක් සිදු නොකිරීමට එම සමාගම තීරණය කර තිබේ.
ඒ අනුව, පවතින වෙළෙඳපොළ මිල ගණන් යටතේම ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩර ඉදිරියටත් පාරිභෝගිකයින් වෙත අලෙවි කිරීමට කටයුතු සලසා ඇති බව අදාළ සමාගම නිල වශයෙන් නිවේදනය කරයි.
ලාෆ්ස් සමාගම විසින් අවසන් වරට සිය එල්.පී. ගෑස් මිල සංශෝධනය කරනු ලැබුවේ පසුගිය ජූලි මාසයේදීය.
එම මිල සංශෝධනයේදී කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,280කින් පහළ දැමූ අතර, එහි වත්මන් සිල්ලර මිල රුපියල් 4,965ක් ලෙස පවතී.
එමෙන්ම, කිලෝග්‍රෑම් 5ක කුඩා ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ද රුපියල් 512කින් පහත හෙළූ අතර, එහි වත්මන් අලෙවි මිල රුපියල් 1,988කි.