ඉදිරි පැය 36ට කාලගුණයෙන් අනතුරු ඇඟවීමක් - ප්‍රදේශ රැසකට තද වැසි

Report

2026 සැප්තැම්බර් මස 05 වැනිදා පස්වරු 4.00ට නිකුත් කළ කාලගුණ අනාවැකියට අනුව, ඉදිරි පැය 36 තුළ ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත්, පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර් 50 ඉක්මවූ තරමක් තද වැසි ඇති වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අතර, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වරින් වර සිහින් වැසි ඇති විය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.

හෙට ප්‍රදේශ කිහිපයකට හිරු මුදුන් වෙයි

මේ අතර, සූර්යයා දකුණු දෙසට ගමන් කිරීමේදී ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට සෘජුව ඉහළින් පවතින කාලසීමාව අගෝස්තු 28 සිට සැප්තැම්බර් 07 දක්වා ක්‍රියාත්මක වේ. ඒ අනුව හෙට (06) දහවල් 12.08ට බෙන්තොට, තිනියාවල, ඉත්තකන්ද, උඩවලව සහ කතරගම යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතිනු ඇත.

Gallery