“මං හොයන්නේ ප්‍රේමයක්” මංගල දර්ශනය උත්කර්ෂවත් ලෙස පැවැත්වෙයි
පුංචි තිරය හරහා රසික ආදරය දිනාගත් අධ්‍යක්ෂ තිළිණ බොරලැස්සගේ පළමු සිනමා නිර්මාණය වන “මං හොයන්නේ ප්‍රේමයක්” චිත්‍රපටයේ මංගල දර්ශනය පසුගියදා කොළඹ වන් ගෝල් ෆේස්හි පිහිටි PVR සිනමාශාලා පරිශ්‍රයේදී අතිඋත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
අනෝමා විජයවර්ධනගේ තිර රචනයෙන් සහ යූ. එස්. වයි. අජිත් කුමාරගේ නිෂ්පාදනයෙන් නිර්මාණය වූ මෙම චිත්‍රපටය තිළිණ බොරලැස්සගේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණය ලෙස සුවිශේෂී වේ.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ ධනවත්, සෙල්ලක්කාර තරුණයකු වන “මේධාන්” වටා ගොඩනැගුණු ආදර කතාවක් මෙහිදී තිරයට ගෙන එයි. චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා දර්ශන් තවරාජා, අභිලාෂි සන්තුෂ්කි, නිල්මිණි තෙන්නකෝන් සහ අනුරාධ මල්ලවආරච්චි රංගනයෙන් දායක වෙති. මංගල දර්ශනය සඳහා චිත්‍රපටයට සම්බන්ධ වූ ශිල්පීන් මෙන්ම මෙරට ජනප්‍රිය රංගන ශිල්පීන් හා ශිල්පිනියන් ඇතුළු කලා ක්ෂේත්‍රයේ රැසක් එක්ව සිටියහ.