ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරු පුරප්පාඩු සඳහා නව නිර්දේශ මෙතෙක් ලැබී නෑ - පුටු 7ක් හිස්

Report

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ පවතින ජ්‍යෙෂ්ඨ විනිසුරු පුරප්පාඩු සඳහා නව නිර්දේශ කිසිවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත මෙතෙක් ලැබී නොමැති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම හිස්ව පවතින විනිසුරු තනතුරු පිළිබඳව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, ජනාධිපති නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, අදාළ පත්කිරීම් නිර්දේශ කිරීම ජනාධිපති කාර්යාලය හරහා සෘජුව සිදුකෙරෙන ක්‍රියාවලියක් බැවින් ඒ පිළිබඳ තොරතුරු ජනාධිපති කාර්යාලයෙන් විමසා සිටින ලෙසයි.

උදෑසන 5.30ට නිකුත් කළ නිවේදනයක් - අද දවල් 12:08 ට වෙන්න යන දේ මෙන්න

උදෑසන 5.30ට නිකුත් කළ නිවේදනයක් - අද දවල් 12:08 ට වෙන්න යන දේ මෙන්න

තමා ඒ සම්බන්ධයෙන් යාවත්කාලීන තොරතුරු නොදන්නා බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. මීට පෙර අභියාචනාධිකරණ විනිසුරුවරියක ලෙස පත්කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් නිර්දේශ කරන ලද සජීවනී දිල්කා ලක්මාලී කරුණානායක මෙනවියගේ නාමයෝජනාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිල අනුමැතිය පසුගියදා හිමිවිය.

ඒ අනුව ජනාධිපතිවරයා විසින් ඇය අභියාචනාධිකරණ විනිසුරුවරියක ලෙස පත් කිරීමට කටයුතු කළේය. අදාළ අභියාචනාධිකරණ විනිසුරු පුරප්පාඩුව වෙනුවෙන් ජනාධිපතිවරයා වෙත නාමයන් තුනක් යොමු කර තිබුණද, ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය සඳහා නිර්දේශ කර යවා තිබුණේ කරුණානායක මෙනවියගේ නම පමණක් බව ද වාර්තා වේ.

ලේවිලක් වගුරමින් ඉරාන තෙල් නෞකාවකට අමෙරිකාවෙන් මිසයිල ප්‍රහාරයක්

ලේවිලක් වගුරමින් ඉරාන තෙල් නෞකාවකට අමෙරිකාවෙන් මිසයිල ප්‍රහාරයක්

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ පවතින මෙම පුරප්පාඩු අතුරින් සමහරක් මාස හයකටත් වඩා වැඩි කාලයක් තිස්සේ නිරාකරණය නොවී පවතින අතර, එමඟින් සමස්ත අධිකරණ පද්ධතියේ දෛනික කටයුතුවලට සහ නඩු විභාග කිරීම්වලට දැඩි බාධාවක් එල්ල වී ඇති බව දේශපාලන පක්ෂ නීති අංශවල ප්‍රවීණයෝ පෙන්වා දෙති. මෙම විනිසුරු පුරප්පාඩු අර්බුදය සම්බන්ධයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී ද දැඩි ලෙස සාකච්ඡාවට ලක්විය.