දිස්ත්‍රික්ක රැසකට දැඩි උණුසුම් කාලගුණයක්- කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදිසි අනතුරු ඇඟවීමක්
උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල මෙන්ම යාපනය, කිලිනොච්චි, මුලතිව්, වව්නියා, කුරුණෑගල සහ මොනරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම, “අවධානය යොමු කළ යුතු” මට්ටමක පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
ඒ අනුව, අදාළ ප්‍රදේශවල ජනතාව දිවා කාලයේදී වැඩි උණුසුම පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසත්, උණුසුමෙන් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් දැනුම් දී තිබේ.