අද, ජූලි 2 ට වලංගු වන නිවේදනයක් - සියලුම ජනතාවගෙන් ප්‍රවේශම් වන මෙන් ඉල්ලයි
අද(02) දිනය සඳහා වන කාලගුණ අනාවැකිය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙනවා.
ඒ අනුව එහි දැක්වෙන්නේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වන බවයි.
එසේම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) පමණ තද සුළං ඇති විය හැක.
ලග්නයෙන් හයවැන්නේ සඳු ගෝචරය වන අද දින මේ ලග්නවලට ණය තුරුස්වලින් නිදහස් වීමට මඟක් - ආර්ථිකය සුබම සුබයි
කෙසේ වුවද ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා මෙන් එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.