පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ වෙළදාම් කරන වෙළදුන්ට රජයෙන් සුබ ආරංචියක්

Report

පෑලියගොඩ නව මැනිං වෙළෙඳ සංකීර්ණය තුළ දැනට අවිධිමත් අන්දමින් සිදු කෙරෙන කෙටි ආහාර වෙළෙඳාම වඩාත් විධිමත් සහ සනීපාරක්ෂක ලෙස සංවිධානය කිරීම සඳහා විශේෂ නව වැඩපිළිවෙළක් දියත් කිරීමට එහි කළමනාකාරිත්වය පියවර ගෙන තිබේ.

මෙම නව වැඩපිළිවෙළ යටතේ වෙළෙඳ සංකීර්ණය තුළ දීර්ඝ කාලයක සිට හඳුනාගත් කෙටි ආහාර වෙළෙඳුන් වෙනුවෙන් විශේෂයෙන් සැලසුම් කරන ලද විධිමත් ජංගම වෙළෙඳ කුටියක් සහ ඊට අදාළ භාණ්ඩ කට්ටලයක් නොමිලේ ලබාදීමට කටයුතු කර ඇත.

උදෑසන 5.30ට නිකුත් කළ නිවේදනයක් - අද දවල් 12:08 ට වෙන්න යන දේ මෙන්න

උදෑසන 5.30ට නිකුත් කළ නිවේදනයක් - අද දවල් 12:08 ට වෙන්න යන දේ මෙන්න

ඒ අනුව, එක් වෙළෙඳ කුටියක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 8කට ආසන්න වටිනාකමකින් යුත් ජංගම කුටි සහ උපකරණ කට්ටල සංකේතාත්මකව පිරිනැමීම ඊයේ (04) ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් පෑලියගොඩ නව මැනිං වෙළෙඳ සංකීර්ණ පරිශ්‍රයේදී පැවැත්විණි.

දිනපතා මැනිං වෙළෙඳ සංකීර්ණය වෙත පැමිණෙන දහස් සංඛ්‍යාත පාරිභෝගික ජනතාවට සහ වෙළෙඳුන්ට පිරිසිදු, සෞඛ්‍යාරක්ෂිත හා උසස් තත්ත්වයේ ආහාර වේලක් ලබාගැනීමට පහසුකම් සැලසීම මෙමඟින් අපේක්ෂා කෙරේ.

එමෙන්ම, මැනිං වෙළෙඳ සංකීර්ණයේ අභ්‍යන්තර පරිසරය වඩාත් විධිමත් හා ආකර්ෂණීය ලෙස පවත්වාගෙන යාම ද මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණකි.

ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි - පුතුන්ගෙන් දැඩි චෝදනා

ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි - පුතුන්ගෙන් දැඩි චෝදනා