මේ ආයතන සියල්ලටම රජයෙන් විශේෂ නීතියක් - සැප්තැම්බර් 30ට කලින් මේ දේ කරන්න නැත්නම් නීතිය ක්‍රියාත්මකයි

Report

මෙරට තුළ නිසි පරිදි ලියාපදිංචි නොකර පවත්වාගෙන යනු ලබන සියලුම වැඩිහිටි නිවාස එළැඹෙන සැප්තැම්බර් මස 30 වැනිදාට මත්තෙන් ලියාපදිංචි වී අවසන් විය යුතු බව ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය නිවේදනය කරයි.

එම කාර්යාලයේ අධ්‍යක්ෂ කේ. චතුර මිහිදුම් මහතා සඳහන් කළේ, නිසි අවසරයකින් තොරව පවත්වාගෙන යන වැඩිහිටි නිවාස හඳුනාගැනීම සඳහා මේ වන විට විශේෂ ක්ෂේත්‍ර සමීක්ෂණයක් රට පුරා දියත් කර ඇති බවයි.

අද, ජූලි 2 ට වලංගු වන නිවේදනයක් - සියලුම ජනතාවගෙන් ප්‍රවේශම් වන මෙන් ඉල්ලයි

අද, ජූලි 2 ට වලංගු වන නිවේදනයක් - සියලුම ජනතාවගෙන් ප්‍රවේශම් වන මෙන් ඉල්ලයි

එහිදී වැඩිදුර අදහස් දැක්වූ ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ කේ. චතුර මිහිදුම් මහතා පවසා සිටියේ, වැඩිහිටි නිවාසවල වෙසෙන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ආරක්ෂාව, සුභසාධනය සහ ඔවුන්ට ලැබෙන පහසුකම්වල ප්‍රමිතිය තහවුරු කිරීම රජයේ මූලික අරමුණ බවයි.

පනවා ඇති අවසාන දිනයෙන් පසුවද ලියාපදිංචි නොවී නීති විරෝධී ලෙස පවත්වාගෙන යනු ලබන වැඩිහිටි නිවාසවලට එරෙහිව දැඩි නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවද හෙතෙම එහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

ජූනි මස 2 සහ 3 යන දින දෙකම අවදානම් බව කියමින් විශේෂ දැනුම්දීමක් - මේ ප්‍රදේශවලට ලොකු බලපෑම්

ජූනි මස 2 සහ 3 යන දින දෙකම අවදානම් බව කියමින් විශේෂ දැනුම්දීමක් - මේ ප්‍රදේශවලට ලොකු බලපෑම්