“සංස්කෘතික පුරවැසියා සොයා යාම” අරමුණින් ගම්පහ සාහිත්‍ය උළෙල ඇරඹෙයි
“සංස්කෘතික පුරවැසියා සොයා යාම” යන තේමාව යටතේ ගම්පහ මහා නගර සභාව විසින් සංවිධානය කරනු ලබන ගම්පහ සාහිත්‍ය උළෙලේ සමාරම්භක උත්සවය ඊයේ (04) පෙරවරුවේ පැවැත්විණි. බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි සහ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එම උත්සවය ගම්පහ මහා නගර සභාවේ යක්කල උප කාර්යාල පරිශ්‍රයේදී ආරම්භ කෙරිණි.
ඊයේ (04) සිට ලබන 06 වැනිදා දක්වා දිනපතා පෙරවරු 9.00 සිට රාත්‍රී 10.00 දක්වා සාහිත්‍ය උළෙල පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ගීතය, කවිය, සිනමාව සහ වේදිකා නාට්‍ය ඇතුළු ගද්‍ය හා පද්‍ය සාහිත්‍ය කලාංග සම්බන්ධයෙන් විද්වත් සාහිත්‍ය සංවාද මණ්ඩප රැසක් මෙහිදී පැවැත්වෙන අතර, පොත් ප්‍රදර්ශන කුටි රැසක්ද ඊට එක් කර තිබේ.
මීට අමතරව, අන්තර් පාසල් සාහිත්‍ය තරගවලදී ජයග්‍රහණ හිමිකරගත් දූ දරුවන් සඳහා සම්මාන සහ සහතික පත් ප්‍රදානය කිරීමද සමාරම්භක අවස්ථාවේදී සිදු කෙරිණි.
සමාරම්භක උත්සවයට නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆ්ෆර්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හේමාලි වීරසේකර, රුවන් මාපලගම සහ ලසිත් භාෂණ, ගම්පහ නගරාධිපති එරික් එදිරිවික්‍රම, උප නගරාධිපති රමල් සිරිවර්ධන, නාගරික මන්ත්‍රී තරංග වීරසිංහ සහ කලා මණ්ඩලයේ සභාපති කීර්ති වැලිසරගේ යන මහත්ම මහත්මීන් ඇතුළු නාගරික මන්ත්‍රීවරුන්, කලාකරුවන් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.