ඊයෙ ලංකාවම උණුසුම් කරමින් නාමල් ඇතුළට ගිය හේතුව ඉරාජ් ප්‍රසිද්ධියෙම කියයි - කතාව නිසා බුකියේ පැත්තකුත් ඇවිලෙයි [VIDEO]
පහුගිය අරගල කාලේ මතක් වෙද්දි නිරායාසයෙන්ම මතකෙට එන නම් ටිකක් තියෙනවානේ.
ඒ අතරේ දේශපාලන මතිමතාන්තර සහ කියපු කරපු ඇතැම් දේවල් නිසා නිතර සමාජ මාධ්‍යවල කතාබහට ලක්වූ චරිතයක් විදිහට සංගීත ශිල්පී ඉරාජ් වීරරත්නගේ නම මතකයට එන එක ගොඩක් අයට නවත්තන්න බැරි වැඩක්.
කොහොම කොහොම හරි කාලයක් සමාජ මාධ්‍ය ඇතුළේ ටිකක් සද්දේ වහලා හිටපු ඉරාජ් ඔන්න ඊයේ ඉඳන් ආයෙත් කරළියට ඇවිත්. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ එහෙම නැත්තම් මහින්දගේ පුතා අල්ලස් කොමිසමට එනවා කිව්වම දුවන් ඇවිත් තමන්ගේ යාළුවා හමුබුණ වීඩියෝ එකත් එක්ක.
කතාව එතනින් ඉවරයි කියලා හිතුවට කාට කාටත් ඇඟේ ලේ වතුර වුණේ නාමල් රාජපක්ෂ 18 වෙනකල් රිමාන්ඩ් කරන්න දුන්න නියෝගය එක්ක කියලයි සමාජ මාධ්‍ය පුරාවට පේන සමහර ප්‍රතිචාවරවලින් නම් පේන්නේ.
මා හට බිය වීමට කිසිවක් නැත.. දේශපාලන බලය තාවකාලිකයි - රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු නාමල්ගෙන් විශේෂ ෆේස්බුක් සටහනක්
කොහොම හරි තමන්ගේ සමීප දේශපාලන සගයා වංචාවකට අහුවෙලා රිමාන්ඩ් කරපු එක ගැන සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සංගීත ශිල්පී ඉරාජ් වීරරත්නත් මාධ්‍යයට කට ඇරලා තිබ්බා.
ඉරාජ් කියන විදිහට මේ ඔක්කොම ඩෝබිලාට දුන්න පොඩි ආතල් එකක්. ඉරාජ්ගේ සම්පූර්ණ අදහස පහතින්,
"ඉතින් දැන් මේ හයවෙනිදා. ජනාධිපතිතුමාට මොනවා හරි කියන්න දෙයකුත් තියෙන්න එපැයි. මොකද මේ වරායවල් හදලාද, නැත්නම් එයාපෝට් හදලාද, නැත්නම් උගන්ඩාවේ සල්ලි ටික ගෙනල්ලාද? ඉතින් කියන්න දෙයක් නැති හින්දා, අනික මේ ඩෝබිලා පොඩ්ඩක් ෆෝම් කරන්නත් එපැයි. දැන් ඔය කමෙන්ට් කරන ඩෝබිලා පොඩ්ඩක් චූන් කරන්න ඕනේ. එතකොට චූන් කරන්න හොඳම දේ තමයි මේවා ෆේස්බුක්, යූටියුබ්වල වැටෙනකොට ඩෝබිලා "අම්මෝ" ගාන එක. ඒගොල්ලෝ හරි ආසයි මේවට. ඒක නිසා තමයි ඉතින් ඇත්තටම වෙන කියන්න දෙයක් නැත්තේ. මොකද මේ අවුරුදු දෙකට මොනවද වුණේ? මේ ගල් අඟුරු වංචාව සිද්ධ වුණා. ඉස්සර මොකක් හරි තැනක වෙඩි තියා ගත්තා කියන්නේ ලොකු නිව්ස් එකක්. දැන් සමහර වෙලාවට නිව්ස්වල ඒවා දකින්නත් නැහැ. ඒ කියන්නේ මේක දිනපතාම වෙනවා. හැකර්ලා සල්ලි උස්සනවා. ඊළඟට අර කන්ටේනර් 320 සිද්ධිය. ඉතින් ඒවා ගැන කතා කරන්න බැහැනේ. අනිත් එක, මේ ආණ්ඩුවත් එක්ක වැඩිපුරම ඉන්නේ අර හිටපු 69 ලක්ෂයෙන් විශාල පිරිසක්. ඉතින් ඒ මිනිස්සුත් දැන් ඇත්තටම තේරුම් අරගෙන තියෙනවා මේගොල්ලෝ කියන්නේ සම්පූර්ණ බොරු කියලා."
ඇත්ත නැත්ත මොකක් වුණත් ඊයේ (04) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ආපු වෙලාවේ නාමල් රාජපක්ෂව අත්අඩංගුවට අරන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහුව ලබන 18 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා. ගින්නක් නැතුව දුමක් නගින් නෑ කියනවනේ.
ඉතින් ලංකාවේ බදු ගෙවන හැම ජනතාවටම ඕනෙත් ඇත්ත.
මොන තරාතිරමක කෙනෙක් වුණත් කරපු වැරැද්දට ප්‍රමාද වෙලා හරි ඉටු වෙන යුක්තිය වෙනුවෙන් මිනිස්සු බලන් ඉන්නේ ආතල් එකකට නෙවෙයි. කවදහරි දවසක යුක්තිය ඉෂ්ට වෙයි කියලා නීතියේ දෙවඟන ඇස් වහන් ඉද්දිත් මිනිස්සු විශ්වාස කරන නිසා කියලා ඔය කවුරු කවුරුත් දැන ගත්තනම් තමා හොඳ.
අඳාළ වීඩියෝව උපුටා දක්වා ඇත,