වැලිගම ප්‍රා.ස. සභාපතිගේ මිනීමරුවන් සොයා යද්දි තවත් විස්තර එළියට - මහමොළකරු ගැනත් සැකයක්

Report

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව CCTV දර්ශන ඔස්සේ විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙන බව පොලීසිය වාර්තා කරයි.

දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් කිත්සිරි ජයලත් මහතා විසින් ඒ අනුව පොලිස් කණ්ඩායම් තුනක් ඔස්සේ මෙම විමර්ශන ආරම්භ කර ඇති බව පවසයි.

ඊයේ (22) දින උදෑසන වැලිගම ප්‍රාදේශීය සභාව තුළදී එහි සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඔහුගේ නිල කාර්යාලය තුළ නාඳුනන තුවක්කරුවෙක්ගේ වෙඩි තබා පහරින් ඝාතනය වී තිබුණා.

අඳාළ තුවක්කුකරු සුදු පැහැති කමිසයකින් සැරසී, කළු පැහැති මුව ආවරණයක් පැලඳගෙන සභාපතිවරයාගේ කාර්යාලය තුළට පැමිණ තිබුණා.

එම අවස්ථාවේදී වෙඩික්කරු නිල ආසනයේ සිටි සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඉලක්ක කරගනිමින් වෙඩි ප්‍රහාර 4ක් පමණ එල්ල කර තවත් අයෙකු සමඟ යතුරු පැදියකින් පලා යන ආකාරය CCTV දර්ශනවල පටිගතව තිබෙනවා.

බල පුටුව උඩදිම පණ ඇද්ද ලසන්ත මිනී වළ කපන් තියෙන්නේ අද ඊයේ නෙවේ - පැටිකිරිය එළිවෙයි

බල පුටුව උඩදිම පණ ඇද්ද ලසන්ත මිනී වළ කපන් තියෙන්නේ අද ඊයේ නෙවේ - පැටිකිරිය එළිවෙයි

කෙසේ වෙතත් මෙම වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ සභාපතිවරයා මාතර දිස්ත්‍රික් මහ රෝහල් වෙත ඇතුළත් කළත් ඔහු ජීවිතක්ෂයට පත්වුණා.

මෙහිදී පොලීසිය සඳහන් කළේ වෙඩිවැදීමෙන් ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාගේ හිසට, ගෙලට සහ පපු ප්‍රදේශයට තුවාල සිදුව තිබූ බවයි.

එබැවින් සිද්ධිය සම්බන්ධයෙන් දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් කිත්සිරි ජයලත් මහතාගේ සෘජු අධික්ෂණය යටතේ පොලිස් කණ්ඩායම් හතරක් විමර්ශන ආරම්භ කළා.

එසේ වුවත් මේ සම්බන්ධයෙන් මේ වන විටත් කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නොමැති බව වාර්තා වේ. එමෙන්ම බූස්ස බන්ධනාගාරයේ රදවා සිටින මිදිගම රුවන්ගේ පාර්ශවය මඟින් මෙම ඝාතනය සිදුකර ඇති බවද පොලීසිය සැක පළ කර සිටිනවා.

සභාපතිතුමෝ මම හරක් මරන්නේ නෑ- තමන්ව මරන්න යන එක ලසන්ත කලින්ම දැනගෙන ඉදලා

සභාපතිතුමෝ මම හරක් මරන්නේ නෑ- තමන්ව මරන්න යන එක ලසන්ත කලින්ම දැනගෙන ඉදලා

මේ අතර තමාට එල්ල වන තර්ජන පිළිබඳව ලසන්න වික්‍රමසේකර මහතා ඉකුත් අගෝස්තු මස 29 වන දින තම ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් සුදුසු පියවරක් ගන්නා මෙන් පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර ලිපියක් ද යොමුකර ඇති බව වාර්තා වේ.

එසේම ඊයේ (22) දින රාත්‍රියේ මෙම ඝාතනය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් ද පවත්වා තිබෙනවා.

ඒ අනුව වාර්තා වුණේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති අඳාළ සාකච්ඡාවට සමගි ජනබලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨයින් රැසක් එක්ව සිටි බවයි.

මේ අතර අඳාළ සාකච්ඡාවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සමගි ජනබලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කර සිටියේ මෙය දේශපාලන ඝාතනයක් බවයි.

වැලිගම සභාපති ලසන්තට වෙඩි තබා පලා යාමේ CCTV දර්ශණ මෙන්න

වැලිගම සභාපති ලසන්තට වෙඩි තබා පලා යාමේ CCTV දර්ශණ මෙන්න

කොළඹට විශේෂ නිවේදනයක්

කොළඹට විශේෂ නිවේදනයක්