පොලීසියෙන් නිවේදනයක් - මෙම මාර්ගය අවහිරයි - විකල්ප මාර්ග භාවිත කරන්නැයි දන්වයි

Report

අද (08) දින දහවල් ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමට අයත් ඔරුගොඩවත්ත හන්දියේදී කන්ටේනර් රථයක් පෙරළී යාමෙන් එම මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බව වාර්තා වේ.

මෙසේ අනතුරට පත්ව ඇත්තේ අවිස්සාවේල්ල දෙස සිට පෑලියගොඩ දෙසට ධාවනය වූ කන්ටේනර් රථයක් ඔරුගොඩවත්ත හන්දියෙන් දකුණට හැරවීමේදී අනතුරට ලක්ව පෙරළීමෙන් බව පොලීසිය සඳහන් කරයි.

එමෙන්ම මෙම අනතුර හේතුවෙන් දෙමටගොඩ සිට පෑළියගොඩ දක්වා දිවෙන මාර්ගයේ මංතීරු දෙකක් සම්පූර්ණයෙන්ම අවහිර වී තිබෙන බව වාර්තා වේ.

එබැවින් පවතින රථවාහන තදබදය අවම කිරීමට පොලීසිය විසින් විකල්ප ධාවන සැලසුමක් ක්‍රියාත්මක කර ඇති බව සඳහන්.

කොළඹ කොටුවෙන් දුම්රියට නගින මගීන්ට විශේෂ දැනුම්දීමක්

කොළඹ කොටුවෙන් දුම්රියට නගින මගීන්ට විශේෂ දැනුම්දීමක්

ඒ අනුව මේ වන විට පෑළියගොඩ දෙස සිට දෙමටගොඩ දක්වා වන මංතීරුව ඔස්සේ දෙපසටම (දෙමටගොඩ සිට පෑළියගොඩට සහ පෑළියගොඩ සිට දෙමටගොඩට) රථවාහන ගමනාගමනය සිදු කිරීමට කටයුතු යොදා තිබෙනවා.

එමෙන්ම පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ මාර්ගයේ ඇති වී තිබෙන මෙම අවහිරතාව කඩිනමින් ඉවත් කර රථවාහන ගමනාගමනය යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් සිදු කරමින් පවතින බවයි.

එබැවින් මෙම මාර්ගය භාවිතා කරන රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කිරීමට හෝ විමසිලිමත්ව ධාවනය කරන ලෙස පොලීසිය දැනුම් දෙයි.

ලෝකෙම කළඹමින් එක්වරම ලෝක වෙළඳපොළේ තෙල් මිල යළි අහස උසට යයි - සුළු වේලාවකට පෙර අලුත් වූ මිල ගණන් මෙන්න

ලෝකෙම කළඹමින් එක්වරම ලෝක වෙළඳපොළේ තෙල් මිල යළි අහස උසට යයි - සුළු වේලාවකට පෙර අලුත් වූ මිල ගණන් මෙන්න

හැකි ඉක්මනින් සන්නද්ධ හමුදාව කැඳවන්න ජනපතිගෙන් අති විශේෂ ආඥාවක් - කථානායකගෙන් පාර්ලිමේන්තුවට දැනුම්දීමක්

හැකි ඉක්මනින් සන්නද්ධ හමුදාව කැඳවන්න ජනපතිගෙන් අති විශේෂ ආඥාවක් - කථානායකගෙන් පාර්ලිමේන්තුවට දැනුම්දීමක්

GalleryGallery