මාලිමා මන්ත්‍රීට වැඩ වරදී.. ලක්මාලිව සිහගත කරන්නට පැමිණිලි
නව ජනතා පෙරමුණේ කොලොන්නාව ආසන සංවිධායක අජිත් පුෂ්පකුමාර, කොලොන්නාව ආසන ක්‍රියාකාරි ජයසිංහ, සීතාවක ප්‍රාදේශීය සභා මන්ත්‍රී නාලක බණ්ඩාර සහ රත්මලාන ආසනයේ පිරිවෙන කොට්ඨාස සංවිධායක සමන් රණතුංග මහත්වරුන් අද (21) අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයාට ලිපියක් භාර දෙමින්, පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය විසින් අධිකරණයට සිදු කළ අපහාසය සම්බන්ධයෙන් නීතිය වහාම ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටියහ.
සීතාවක ප්‍රාදේශීය සභා මන්ත්‍රී නාලක බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ;
"පසුගිය තිඹිරිගස්යාය ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේදී ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය රාජ්‍ය ආයතනයකින් ලබාගත් නඩු තීන්දුවක් ප්‍රසිද්ධියේ විවේචනය කර, එය නොසලකා හැර කටයුතු කරන්න යන උපදෙස් ලබා දී ඇත. මේ මාලිමා ආණ්ඩුව දැන් එය ‘පරිපාලනමය කටයුත්තක්’ ලෙස සාධාරණීකරණය කරයි."
"අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර පවසන්නේ ‘අධිකරණ අපහාසයක් නැහැ, පරිපාලන සාකච්ඡාවක් පමණි’ යනුවෙනි. නමුත් ආගමන විගමන පාලක හර්ෂ ඉළුක්පිටිය දැනටමත් අධිකරණ තීන්දුවක් නොසලකා දඩුවම් ලබයි. ලක්මාලි මන්ත්‍රීතුමියගේ ප්‍රසිද්ධ ප්‍රකාශ මගින් පැහැදිලි වන්නේ මාලිමා ආණ්ඩුවේ නීතිය විපක්ෂයට පමණි යන්නයි."
"බලය ලබාගන්න කලින් ලාල් කාන්ත කිව්වේ ‘නඩු අහන්න ගමට බලය දෙනවා’ යනුවෙනි. පාරෙන් පාර බෝක්කු උඩින් නඩු විසඳන්න යන එය මේ වන විට ක්‍රියාත්මකද?"
"මාලිමා ආණ්ඩුවේ වැඩපිළිවෙල මේකද? ලක්මාලිට විතරක් නොවේ, මුළු ආණ්ඩුවටම ට්‍රැක්. නමුත් අධිකරණයේ ගෞරවය හා ස්වාධීනත්වය හැල්ලුවට ලක්වීමට ඉඩ නැත."
"එස්.බී. දිසානායක, රන්ජන් රාමනායක වැනි දේශපාලඥයින්ට අධිකරණ අපහාසයට තදින් නීතිය ක්‍රියාත්මක විය. ලක්මාලිටත් එසේම විය යුතුයි."
ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය වෙනුවෙන් ගනු ලබන තීරණය සම්බන්ධව අපි අවධානයෙන් සිටිනවා. ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය වහාම අත්අඩංගුවට ගත යුතු අතර ඇයගේ නීතිඥබාවය අහෝසි කරන්න කටයුතු කල යුතුයි. අධිකරණ සේවා සභාව විසින් මේ සම්බන්ධව ගනු ලබන තීරණය දෙස මුළු රටම බලාගෙන ඉන්නවා. එ වගේම නව ජනතා පෙරමුණ විසින් නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය අධිකරණයට සිදු කල අපහාසය වෙනුවෙන් එම අධිකරණයේම නඩු පවරන්න බලා පොරොත්තු වෙනවා.
ආණ්ඩුව පොලිස්පතිවරයාට පොලිස් සේවා කොමිෂන් සභාවේ බලතල ලබා දීලා පොලිසියේ ස්ථානාධිපතිවරු සීයයකට ආසන්න ප්‍රමාණයකට ස්ථාන මාරුවීම් ලබා දීලා පොලිසීය සම්පුර්ණයෙන්ම දේශපාලනීකරණය කරලා තියෙනවා. ඊට පස්සේ දැන් සුදානම් වෙලා තියෙනවා අධිකරණයට බාධා කරන්න. ඒ නිසා අධිකරණයේ ගරුත්වය, ස්වාධිනත්වය කිසිසේත්ම විනාශ කරන්න දෙන්න බෑ. මොකද රටට තියෙන එකම පිහිට දැන් අධිකරණය විතරයි.
මේ කරන පිස්සු වැඩ අනුව මේ ආණ්ඩුව ගැන මේ රටේ ජනතාවට කිසිම බලාපොරොත්තුවක් නෑ. ඔවුන්ට තියෙන එකම පිහිට අධිකරණය පමණයි. ඒ නිසා මෙලෙස අධිකරණය හෑල්ලුවට ලක් කිරීම සම්බන්ධව වහාම අදාල නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුයි. නව ජනතා පෙරමුණ විසින් ඒ සම්බන්ධව ගත යුතු සියලුම නීතිමය ක්‍රියා මාර්ග ගන්න සුදානම් බව අපි කියන්න කැමති.