නෙදර්ලන්තය ලකුණු 57කට නවතයි - ශ්‍රී ලංකා කාන්තාවන්ට කඩුලු 9ක සුපිරි ජයක්

Report

ජාත්‍යන්තර කාන්තා නැගී එන ජාතීන්ගේ කුසලාන තරගාවලියේ සුපිරි හයදෙනාගේ වටයේ නෙදර්ලන්ත කාන්තා කණ්ඩායම සමඟ පැවති තරගයෙන් කඩුලු 9ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්ව තිබේ.

අජ්මාන්හිදී අද (22) පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් නෙදර්ලන්ත කාන්තා කණ්ඩායමට පන්දුවාර 17.4කදී සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 57ක් පමණි.

නෙදර්ලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභිනිය වූ නායිකා ස්ටෙරේ කාලිස් ලකුණු 26ක් රැස් කළ අතර, අයිරිස් ස්විලිං ලකුණු 14ක් ලබාගත්තාය. ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ කවිෂා දිල්හාරි ලකුණු 8කට කඩුලු 2ක් දවාගත්තාය.

ආසියානු කුසලානයට පෙර තුන්කොන් එක්දින තරගාවලියකට බංග්ලාදේශයෙන් ශ්‍රී ලංකාවට ඇරයුම්

ආසියානු කුසලානයට පෙර තුන්කොන් එක්දින තරගාවලියකට බංග්ලාදේශයෙන් ශ්‍රී ලංකාවට ඇරයුම්

නිමාෂා මීපගේ ලකුණු 13කට කඩුලු 2ක් දවාගත් අතර, සත්‍යා සන්දීපනී සහ චේතනා විමුක්ති එක් කඩුල්ල බැගින් බිඳහෙළූහ. ලකුණු 58ක පහසු ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 7.2කදී එක් කඩුල්ලක් පමණක් දැවී ජයග්‍රාහී සීමාව පසුකර ගියේය.

එහිදී විශ්මි ගුණරත්න නොදැවී ලකුණු 29ක් සහ නායිකා හර්ෂිතා සමරවික්‍රම නොදැවී ලකුණු 21ක් රැස්කරමින් ශ්‍රී ලංකා ජයග්‍රහණය තහවුරු කළහ. ඉමේෂා දුලානි ලකුණු 6කට දැවී ගියාය.

පන්දු යැවීමෙන් සහ පන්දු රැකීමෙන් දැක්වූ දක්ෂතා හේතුවෙන් තරගයේ වීරවරිය සම්මානය කවිෂා දිල්හාරිට හිමි වූ අතර, ඇය ලකුණු 8කට කඩුලු 2ක් දවාගැනීමට අමතරව උඩපන්දු දෙකක්ද රැකගත්තාය. මෙම ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට තරගාවලියේ ප්‍රසාද ලකුණු දෙකක් හිමිවිය.

හොංකොං පරදා ශ්‍රී ලංකා නැගි එන ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 24ක ජයක්

හොංකොං පරදා ශ්‍රී ලංකා නැගි එන ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 24ක ජයක්