කහ සිලින්ඩර නිල් කර විකිණූ පිය-පුතු දෙදෙනාට වැඩ වරදී

By Kanchana Nov 22, 2026 12:36 PM GMT
Report

කහ පැහැති හිස් ගෑස් සිලින්ඩර නිල් පැහැයෙන් වර්ණ ගන්වා, ඒවා ලිට්‍රෝ (Litro) ගෑස් සිලින්ඩර ලෙස හඟවමින් අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ බවට චෝදනා එල්ල වූ පියෙකු සහ පුතෙකු ඇතුළු සැකකරුවන් තිදෙනෙකු දෙසැම්බර් 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

කොටදෙණියාව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇත.

පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අලුතින් නිල් පැහැයෙන් තීන්ත ආලේප කළ ගෑස් සිලින්ඩර පැරණි සහ මීට පෙර භාවිත කළ සිලින්ඩර ලෙස පෙන්වීම සඳහා සැකකරුවන් සූක්ෂ්ම උපක්‍රමයක් භාවිත කර ඇති බවයි.

ඒ අනුව, එම සිලින්ඩර නිවෙස්වල ඉවුම් පිහුම් කටයුතු සඳහා භාවිත කර ඇති බවට හැඟවීමේ අරමුණින් ඒවා මත ආප්ප මිශ්‍රණ, මිරිස් හොදි ඇතුළු ආහාර ඉඳුල් තවරා තිබූ බව ද වාර්තා වේ. සිද්ධිය සම්බන්ධයෙන් කොටදෙණියාව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

රාජ්‍ය සේවකයින්ගේ සහ ගුරුවරුන්ගේ වැටුප් වැඩි වන හැටි ගෙවන දින අග්‍රාමාත්‍යවරිය හෙළි කරයි

රාජ්‍ය සේවකයින්ගේ සහ ගුරුවරුන්ගේ වැටුප් වැඩි වන හැටි ගෙවන දින අග්‍රාමාත්‍යවරිය හෙළි කරයි

දඩ මුදල්වලට යටත් වෙන්න එපා- දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් හදිසි සිහිකැඳවීමක්

දඩ මුදල්වලට යටත් වෙන්න එපා- දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් හදිසි සිහිකැඳවීමක්