පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ- 2027 අයවැය විවාදයේ අද දවසේ උණුසුම් තතු සජීවීව නරඹන්න [LIVE]

Report

අද (19) දිනයට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද පාර්ලිමේන්තු කටයුතු පැවැත්වේ.

ජාතික ජන බලවේග රජයේ තෙවන අයවැය වන 2027 මුදල් වර්ෂයට අදාළ අයවැය යෝජනාවලිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය 12 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

ඉන් අනතුරුව අයවැය දෙවනවර කියවීමේ විවාදය නොවැම්බර් 13 වැනිදා ආරම්භ වූ අතර, එම විවාදය නොවැම්බර් 20 වැනිදා දක්වා දින හතක් පැවැත්වීමට නියමිතය.

දෙවනවර කියවීමට අදාළ ඡන්ද විමසීම නොවැම්බර් 20 වැනිදා පස්වරු 6.00ට පැවැත්වීමට නියමිතව තිබේ.

අනතුරුව අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය හෙවත් තෙවනවර කියවීමේ විවාදය නොවැම්බර් 21 වැනිදා ආරම්භ වී දෙසැම්බර් 14 වැනිදා දක්වා දින 19ක් පුරා පැවැත්වීමට කටයුතු යොදා ඇත.

එම විවාදය අවසානයේ 2027 අයවැය පිළිබඳ අවසන් ඡන්ද විමසීම වන තෙවනවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 14 වැනිදා පස්වරු 6.00ට පැවැත්වීමට නියමිතය.

උදේම බිහිසුණු ඛේදවාචකයක් - කඩුවෙල හදිසි ගින්නෙන් එකම පවුලේ මව, පියා සහ කුඩා දරුවන් දෙදෙනා අවසන ගමන් යයි

උදේම බිහිසුණු ඛේදවාචකයක් - කඩුවෙල හදිසි ගින්නෙන් එකම පවුලේ මව, පියා සහ කුඩා දරුවන් දෙදෙනා අවසන ගමන් යයි

රජයේ නිවාඩු දින සහ ඉරිදා දින හැර සෑම දිනකම, සෙනසුරාදා දින ද ඇතුළුව, පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇත්තේ අයවැය විවාද පැවැත්වීම සඳහාය.

අද පැවැත්වෙන පාර්ලිමේන්තු සභාවාරයේ සජීවී විකාශය පහතින් නරඹන්න.