සුවසැරියට ගාපු කොළපාට අපි ඒ විදියටම තියාගෙන යනවා - සෞඛ්‍ය ඇමති
සුවසැරිය පූර්ව ප්‍රතිකාර ගිලන් රථ සේවාවේ තේමා වර්ණය වෙනස් කිරීමක් සිදු නොකරන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (21) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
නමුත්, සුවසැරිය සේවාව ගුණාත්මකව වර්ධනය කර නවීකරණය කිරීම සඳහා අයවැයෙන් මිලියන 5,000 වෙන් කර ඇති බවත් ඔහු සඳහන් කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සුවසැරිය සේවාවේ තේමා වර්ණය වෙනස් කිරීමට සූදානම්වීම සම්බන්ධයෙන් යොමු කළ පැනයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මෙම තීරණය තහවුරු කළේය.
මෙම සේවාවේ තේමා වර්ණය ස්ථිරව තබාගෙන, එහි ක්‍රියාකාරීත්වය තවදුරටත් ශක්තිමත් කිරීම මගින් ජනතාවගේ ජීවිත ආරක්ෂාව වැඩිදියුණු කිරීම රජයේ අරමුණ බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.