දික්කසාද නඩුවෙන් පසු මඩකලපුව උසාවිය අසල යකා නටයි- මස්සිනා කාර් එකෙන් යට කරන්න හැදූ සැමියා ඇතුළු තිදෙනෙක් පොලිස් අත්අඩංගුවට – වීඩියෝ දර්ශන මෙන්න

By Kanchana Nov 19, 2026 06:17 AM GMT
Report

මඩකලපුව අධිකරණයේ දික්කසාද නඩුවකට පෙනී සිටීමෙන් අනතුරුව ඇති වූ ආරවුලක් අතරතුර, පුද්ගලයෙකු සිය මස්සිනා මෝටර් රථයකින් යට කිරීමට උත්සාහ කළ බව කියන සිද්ධියක් වාර්තා වේ.

මෙම සිදුවීම මඩකලපුව ගාන්ධි උද්‍යානය ආසන්නයේ පිහිටි රථගාලේදී සිදුව ඇති බව සඳහන් වේ. දික්කසාද නඩුවට අදාළව අධිකරණයේ පෙනී සිටීමෙන් අනතුරුව අඹුසැමියන් අතර ඇති වූ බහින්බස් වීමක් පසුව ශාරීරික ගැටුමක් දක්වා වර්ධනය වී තිබේ.

එම අවස්ථාවේදී සැමියා සහ ඔහුගේ මස්සිනා අතර ද ගැටුමක් හටගෙන ඇත.

වීඩියෝ දර්ශනවල දැක්වෙන්නේ අවට සිටි පිරිස් ගැටුම සමථයකට පත් කිරීමට උත්සාහ කළද, සැමියා සිය මෝටර් රථය මස්සිනා දෙසට ධාවනය කර ඔහු යට කිරීමට උත්සාහ කරන ආකාරයයි.

එම සිදුවීමත් සමඟ ගැටුම තවදුරටත් උත්සන්න වී ඇති අතර, පසුව මස්සිනා විසින් සැමියාගේ මෝටර් රථයට දැඩි අලාභහානි සිදුකර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු ලැබීමෙන් අනතුරුව මඩකලපුව පොලිසිය එම ස්ථානයට පැමිණ සැමියා, බිරිඳ සහ මස්සිනා අත්අඩංගුවට ගෙන ඇත. එමෙන්ම, අලාභහානි සිදුවූ මෝටර් රථය ද පොලිස් භාරයට ගෙන තිබේ

 අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය පියවර ගෙන ඇත.

කැනඩාවට යන්න සිහින දකින ශ්‍රී ලාංකිකයින්ට සුබ ආරංචියක්- Express Entry යටතේ ප්‍රමුඛතාව හිමිවන රැකියා ක්ෂේත්‍ර මෙන්න

කැනඩාවට යන්න සිහින දකින ශ්‍රී ලාංකිකයින්ට සුබ ආරංචියක්- Express Entry යටතේ ප්‍රමුඛතාව හිමිවන රැකියා ක්ෂේත්‍ර මෙන්න

අද ඩොලරයේ අගය වෙනස් වෙයි– ප්‍රධාන බැංකුවල අද ඩොලරය විකුණන සහ ගන්නා මිල ගණන් මෙන්න

අද ඩොලරයේ අගය වෙනස් වෙයි– ප්‍රධාන බැංකුවල අද ඩොලරය විකුණන සහ ගන්නා මිල ගණන් මෙන්න

[