ගුවන් යානයට නගින්න ගිය දෙදෙනා බලහත්කාරයෙන් රැගෙන යයි - සියැටල්හි උණුසුම් තත්ත්වයක් [VIDEO]

Report

ඇමරිකාවේ සියැටල්-ටකෝමා ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී ගුවන් යානයකට ගොඩවෙමින් සිටි මගීන් දෙදෙනෙකු ආගමන හා රේගු බලාත්මක කිරීමේ නිලධාරීන් (ICE) විසින් අත්අඩංගුවට ගැනීමත් සමඟ එහි දැඩි උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා.

පසුගිය සෙනසුරාදා සිදුවූ මෙම සිදුවීම හේතුවෙන් ලොස් ඇන්ජලීස් බලා පිටත්වීමට නියමිතව තිබූ ගුවන් යානයේ ගමනද ප්‍රමාද වී ඇති බවයි වාර්තා වන්නේ.

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝ දර්ශනවල දැක්වෙන්නේ මුහුණු ආවරණය කරගත් ආගමන නිලධාරීන් ගුවන් යානයට ගොඩවන මාර්ගයේදී පුද්ගලයෙකු බලහත්කාරයෙන් ඇදගෙන යන ආකාරයයි.

එහිදී කාන්තාවක් තම දියණිය රැගෙන යන බවත්, ඇයට රැකියා බලපත්‍රයක් පවා ඇති බවත් පවසමින් කෑගසන අයුරුද එම දර්ශනවල සටහන්ව තිබෙනවා.

AI නිසා රැකියා නැතිවෙයි කියලා බයද? - මෝදිගෙන් පණිවුඩයක්

AI නිසා රැකියා නැතිවෙයි කියලා බයද? - මෝදිගෙන් පණිවුඩයක්

කෙසේ වෙතත්, ICE ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ රිකාඩෝ ලැරොන්ඩෝ මෙන්ඩෝසා නමැති මෙක්සිකානු ජාතික සංක්‍රමණිකයෙකු ඉලක්ක කරගනිමින් මෙම වැටලීම සිදුකළ බවයි.

ඔහුගේ වීසා කාලය ඉක්මවා ඇමරිකාවේ රැඳී සිටීම හේතුවෙන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවද එම ආයතනය සඳහන් කර තිබෙනවා.

එම අවස්ථාවේදී තවත් මගියෙකු වන සොෆියා හර්නැන්ඩස් මෙජියා නමැති කාන්තාවක් නිලධාරීන් වෙත උණුසුම් කෝපි ප්‍රහාරයක් එල්ල කළ බවටද ICE ආයතනය චෝදනා කර තිබෙනවා.

ඇයද වීසා කාලය ඉක්මවා ඇමරිකාවේ රැඳී සිටි මෙක්සිකානු ජාතික කාන්තාවක් බවත්, ෆෙඩරල් නිලධාරියෙකුට පහරදීමේ චෝදනාවක් යටතේ ඇයට එරෙහිව නීතිමය පියවර ගත හැකි බවත් එම ආයතනය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

FBI අත්‍යවශ්‍ය සැකකරුවෙක් - මෙක්සිකෝවේ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු කොටුවෙයි

FBI අත්‍යවශ්‍ය සැකකරුවෙක් - මෙක්සිකෝවේ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු කොටුවෙයි

මේ අතර, මෙම සිදුවීම සම්බන්ධයෙන් ඇලස්කා ගුවන් සේවය සිය කනස්සල්ල පළ කර තිබෙනවා. ගුවන් සේවය පවසන්නේ අදාළ මෙහෙයුම සිදුකිරීමට පෙර ICE නිලධාරීන් තමන්ට කිසිදු දැනුම්දීමක් සිදුකර නොතිබූ බවයි.

එමෙන්ම, සිදුවීම සම්බන්ධයෙන් සියැටල් වරාය අධිකාරිය සමඟ එක්ව විමර්ශනය කරමින් අදාළ ක්‍රියාපටිපාටි නිසි ලෙස අනුගමනය කර තිබේද යන්න සොයා බලන බවද ගුවන් සේවය ප්‍රකාශ කර තිබෙනවා.

වොෂින්ටන් ප්‍රාන්ත ආණ්ඩුකාර බොබ් ෆර්ගියුසන් මෙම මෙහෙයුම විවේචනය කරමින් ICE නිලධාරීන්ගේ ක්‍රියාකලාපය දැඩි ලෙස හෙළා දැක තිබෙනවා.

එමෙන්ම, මෙම ආයතනය ප්‍රතිසංස්කරණය කළ නොහැකි මට්ටමකට පත්ව ඇති බව පවසමින් එය අහෝසි කළ යුතු බවටද ඔහු අදහස් පළ කර තිබෙනවා.

මෙම සිදුවීම සිදුව ඇත්තේ ඇමරිකාවේ ස්තුති දීමේ නිවාඩු සමයට පෙර ගුවන් තොටුපළවල මගී තදබදය ඉහළ ගොස් ඇති අවස්ථාවක වීමද විශේෂත්වයක්.

යළි මැද පෙරදිග අළු කරමින් හෝමුස් සමුද්‍ර සන්ධියේ තෙල් නැව්වලට ප්‍රහාර - නාවික ගමනාගමනයට දැඩි සීමා

යළි මැද පෙරදිග අළු කරමින් හෝමුස් සමුද්‍ර සන්ධියේ තෙල් නැව්වලට ප්‍රහාර - නාවික ගමනාගමනයට දැඩි සීමා