තේජස්විට ආරාධනා නොකිරීමෙන් පාලමේ විරෝධයක් - RJD ආධාරකරුවන් මෝදිගේ පෝස්ටර් ඉරා දමයි

By Malith Madushan Nov 22, 2026 12:12 PM GMT
Report

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ ගංගා නදිය හරහා ඉදිකළ නව ‘නිතිෂ් සේතු’ පාලම විවෘත කිරීමේ උත්සවයට විපක්ෂ නායක තේජස්වි යාදව්ට ආරාධනා නොකිරීම හේතුවෙන් රාෂ්ට්‍රිය ජනතා දාල් (RJD) ආධාරකරුවන් පිරිසක් විරෝධතාවක නිරත වී තිබේ.

එහිදී විරෝධතාකරුවන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සහ බිහාර් ප්‍රධාන අමාත්‍යවරයාගේ ඡායාරූප සහිත පෝස්ටර් ඉරා දමා ඇති අතර, පාලම මත තිබූ භාරතීය ජනතා පක්ෂයේ (BJP) ධජවලටද පහර දී ඇති බව වාර්තා වේ.

බිහාර් ප්‍රාන්තයේ වෛශාලි දිස්ත්‍රික්කයේ රගෝපූර් ප්‍රදේශයේදී මෙම සිදුවීම වාර්තා වී ඇත්තේ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් ඉන්දීය රුපියල් කෝටි 4,280ක වියදමින් ඉදිකළ මෙම කේබල් ආධාරක පාලම විවෘත කිරීමෙන් අනතුරුවය.

එම අවස්ථාවට බිහාර් ප්‍රධාන අමාත්‍ය සමරාට් චෞද්රි සහ මධ්‍යම අමාත්‍ය චිරාග් පාස්වාන් ද එක්ව සිටියහ.

ගුවන් යානයට නගින්න ගිය දෙදෙනා බලහත්කාරයෙන් රැගෙන යයි - සියැටල්හි උණුසුම් තත්ත්වයක්

ගුවන් යානයට නගින්න ගිය දෙදෙනා බලහත්කාරයෙන් රැගෙන යයි - සියැටල්හි උණුසුම් තත්ත්වයක්

තේජස්වි යාදව් නියෝජනය කරන රගෝපූර් මැතිවරණ කොට්ඨාසයේ ජනතාව පවසන්නේ, මෙම ව්‍යාපෘතියේ මුල්ගල තැබූ අවස්ථාවේදී ඔහු ප්‍රාන්ත රජයේ කොටස්කරුවෙකු ලෙස කටයුතු කළද, විවෘත කිරීමේ උත්සවයට ඔහුට ආරාධනා කර නොතිබූ බවයි.

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝ දර්ශනවල දැක්වෙන්නේ RJD ධජ රැගත් පිරිසක් පාලම මත ගමන් කරමින් තේජස්වි යාදව්ට සහ පක්ෂ නායක ලාලු යාදව්ට සහාය පළ කරමින් සටන් පාඨ කියන ආකාරයයි.

සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ විරෝධතාව විනාඩි 40කට ආසන්න කාලයක් පැවති බවයි. එහිදී අග්‍රාමාත්‍යවරයාගේ සහ ප්‍රධාන අමාත්‍යවරයාගේ රුව සහිත බැනර් ඉරා දමා ඇති අතර, පාලමේ මාර්ගය මත තිබූ BJP ධජවලටද පයින් පහර දී තිබේ.

මේ අතර, කිලෝමීටර් හයක මංතීරු හයකින් සමන්විත කච්චි දර්ගා–බිඩුපූර් පාලම හිටපු බිහාර් ප්‍රධාන අමාත්‍ය නිතිෂ් කුමාර්ගේ නමින් නම් කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන්ද තේජස්වි යාදව් විවේචන එල්ල කර තිබේ.

AI නිසා රැකියා නැතිවෙයි කියලා බයද? - මෝදිගෙන් පණිවුඩයක්

AI නිසා රැකියා නැතිවෙයි කියලා බයද? - මෝදිගෙන් පණිවුඩයක්

ජීවතුන් අතර සිටින දේශපාලනඥයෙකුගේ නමින් මෙවැනි පොදු ව්‍යාපෘතියක් නම් කිරීමෙන් නිතිෂ් කුමාර්ගේ දේශපාලන ගමන අවසන් වී ඇති බවක් හැඟවෙන බව ඔහු ANI පුවත් සේවයට පවසා ඇත. සාමාන්‍යයෙන් ස්මාරක නම් කරන්නේ අභාවප්‍රාප්ත නායකයන් සිහිපත් කිරීම සඳහා බවද ඔහු සඳහන් කර තිබේ.

තවද, මෙම පාලම මීට පෙර නිතිෂ් කුමාර් විසින් විවෘත කර තිබූ බවත්, ඒ සඳහා මධ්‍යම රජයෙන් කිසිදු අරමුදලක් ලැබී නොතිබූ බවත් තේජස්වි යාදව් ප්‍රකාශ කර ඇත.

පාලම ‘අක්ෂයවත් රායි සේතු’ ලෙස නම් කරන ලෙස තමන් මීට පෙර ඉල්ලීම් කළ බව පෙන්වන නිල ලේඛන දෙකක්ද ඔහු පසුගිය සිකුරාදා සමාජ මාධ්‍යයට එක්කර තිබේ.

ඒ අනුව, වෛශාලි ප්‍රදේශයේ නිදහස් සටන්කාමියෙකු සහ සමාජවාදී නායකයෙකු වූ අක්ෂයවත් රායිගේ නමින් පාලම නම් කරන ලෙස 2026 ජනවාරි මාසයේදී මන්ත්‍රීවරයෙකු ලෙස ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති අතර, පෙබරවාරි මාසයේදී ප්‍රාන්ත සභාවට පෞද්ගලික යෝජනාවක්ද ඉදිරිපත් කර තිබේ.

කෙසේ වෙතත්, පාලම දසවැනි සික් ගුරු ගුරු ගෝබින්ද් සිංගේ නමින් නම් කිරීමේ යෝජනාවක් සම්බන්ධයෙන් රජය දැනටමත් කටයුතු කරමින් සිටින බව ප්‍රාන්ත මාර්ග ඉදිකිරීම් දෙපාර්තමේන්තුව තමාට දැනුම් දුන් බවද ඔහු අනාවරණය කර ඇත.

පාකිස්තාන ඇමතිවරයා දිල්ලියට පැමිණීමෙන් ඉන්දියාවේ දේශපාලන කරළිය උණුසුම් වෙයි

පාකිස්තාන ඇමතිවරයා දිල්ලියට පැමිණීමෙන් ඉන්දියාවේ දේශපාලන කරළිය උණුසුම් වෙයි

RJD පක්ෂයේ විරෝධතාවට ප්‍රතිචාර දක්වමින් පාලක ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය (NDA) පවසා ඇත්තේ, නිතිෂ් කුමාර්ගේ වසර 20ක මහජන සේවයට ගෞරවයක් ලෙස පාලම ඔහුගේ නමින් නම් කළ බවයි.

2012 වසරේදී සංකල්පගත කළ මෙම ව්‍යාපෘතිය පුළුල් එකඟතාවක් මත ක්‍රියාත්මක වූ බව ප්‍රධාන අමාත්‍ය සමරාට් චෞද්රි සඳහන් කර තිබේ.

මේ අතර, පාලම විවෘත කිරීමේ උත්සවයට නිතිෂ් කුමාර් සහභාගී වී නොමැති අතර, එදින පෙරවරුවේ පට්නා ගුවන් තොටුපොළේදී ඔහු අග්‍රාමාත්‍ය මෝදි හමුවී තිබේ.

භාරතීය ජනතා පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනර්ධන් සිං සිග්‍රිවාල් ද තේජස්වි යාදව් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් විවේචනය කරමින් පවසා ඇත්තේ, වසර 15ක් බලයේ සිටියදී රගෝපූර් ප්‍රදේශයේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ඔවුන් ප්‍රමාණවත් පියවර ගෙන නොමැති බවයි.

කිලෝමීටර් 19.7ක සමස්ත ව්‍යාපෘතියට කිලෝමීටර් 9.7ක ප්‍රධාන පාලමක් සහ කිලෝමීටර් 10ක ප්‍රවේශ මාර්ග ඇතුළත් වේ.

එමගින් පට්නාහි ජාතික මහාමාර්ග අංක 22ට අයත් කච්චි දර්ගා ප්‍රදේශය සහ වෛශාලිහි ජාතික මහාමාර්ග අංක 322ට අයත් බිඩුපූර් ප්‍රදේශය සම්බන්ධ කෙරේ.

ගුරුවරියගේ උපදෙස් නොඇසූ තුන් හැවිරිදි දරුවාගේ අත් බැඳ ප්ලාස්ටික් ආවරණයක ඔතලා - CCTV දර්ශනවලින් තමිල්නාඩුවේ ආන්දෝලනාත්මක සිදුවීමක්

ගුරුවරියගේ උපදෙස් නොඇසූ තුන් හැවිරිදි දරුවාගේ අත් බැඳ ප්ලාස්ටික් ආවරණයක ඔතලා - CCTV දර්ශනවලින් තමිල්නාඩුවේ ආන්දෝලනාත්මක සිදුවීමක්