“විවාහ වන්න, වැඩි වැඩියෙන් දරුවන් බිහිකරන්න” - හිටපු ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලීවිට් කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය මෙන්න

Report

Pew Research Center විසින් ඉදිරිපත් කර ඇති ආගමික ජනගහන වර්ධනය පිළිබඳ සංඛ්‍යාලේඛන පදනම් කරගනිමින්, ධවල මන්දිරයේ හිටපු මාධ්‍ය ලේකම් කැරොලයින් ලීවිට් සමාජ මාධ්‍ය ඔස්සේ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකර තිබේ.

ඇය සිය X ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ, "විවාහ වන්න, වැඩි වැඩියෙන් දරුවන් බිහිකරන්න, ඔවුන් පල්ලිය තුළ හැදී වැඩීමට සලස්වන්න, එසේම අමෙරිකාවට ආදරය කිරීමට ඔවුන්ට උගන්වන්න" යනුවෙනි.

Pew Research Center හි ජනගහන ඇස්තමේන්තු අනුව, 2035 වන විට ලෝක මුස්ලිම් ජනගහනය බිලියන 2.57ක් දක්වාත්, ක්‍රිස්තියානි ජනගහනය බිලියන 2.52ක් දක්වාත් ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇත. මෙම ප්‍රකාශය සමාජ මාධ්‍ය තුළ විවිධ අදහස් හා විවාදවලට තුඩු දී තිබේ.

පවුල් ජීවිතය සහ දරුවන් ඇති දැඩි කිරීමේ වැදගත්කම අවධාරණය කරන පිරිස් ඇයගේ අදහසට සහාය පළ කරද්දී, වර්තමාන ආර්ථික හා ජීවන වියදම් ගැටලු හමුවේ වැඩි දරුවන් සංඛ්‍යාවක් බිහිකිරීමට ජනතාව දිරිගැන්වීම ප්‍රායෝගික නොවන බව පවසමින් තවත් පිරිසක් විවේචන එල්ල කර ඇත.  

රාජ්‍ය සේවකයින්ගේ සහ ගුරුවරුන්ගේ වැටුප් වැඩි වන හැටි ගෙවන දින අග්‍රාමාත්‍යවරිය හෙළි කරයි

රාජ්‍ය සේවකයින්ගේ සහ ගුරුවරුන්ගේ වැටුප් වැඩි වන හැටි ගෙවන දින අග්‍රාමාත්‍යවරිය හෙළි කරයි

රත්තරන් ගන්න හොදම දවස අද - 3000කින් අඩු වුණු අද රන් මිලේ වාර්තාගත අගයන් මෙන්න

රත්තරන් ගන්න හොදම දවස අද - 3000කින් අඩු වුණු අද රන් මිලේ වාර්තාගත අගයන් මෙන්න