පවුලේ අයත් එක්ක ගිහින් පිරිසිදුවට මාළු ගන්න - පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ සම්පූර්ණයෙන්ම වෙනස් වෙයි

Report

රටේ ප්‍රධාන මත්ස්‍ය වෙළඳපොළ වන පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ නවීන පහසුකම් සහිත, සෞඛ්‍යාරක්ෂිත හා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වෙළඳපොළක් බවට පරිවර්තනය කිරීමට පියවර ගෙන ඇති බව ධීවර, ජලජ සම්පත් සහ සමුද්‍ර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පවසයි.

ලෝක ධීවර දිනය වෙනුවෙන් ගාල්ල වරායේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළට අමතරව දිවයින පුරා පිහිටි අනෙකුත් මත්ස්‍ය වෙළඳපොළ ද නවීකරණය කිරීමට සැලසුම් කර ඇති බව ඔහු පැවසීය.

ඒ අනුව, පවුල්වලට සහ දරුවන්ට පිරිසිදු හා සෞඛ්‍යාරක්ෂිත පරිසරයක කිසිදු අපහසුතාවකින් තොරව මාළු මිලදී ගැනීමට හැකි වන පරිදි අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇති අතර, වෙළඳපොළ වැඩිදියුණු කිරීමේ කටයුතු ද ආරම්භ කිරීමට නියමිත බව අමාත්‍යවරයා සඳහන් කළේය.

දිවයින පුරා සියලුම පාසල් සඳහා විශේෂ නිවේදනයක් - ගුරුභවතුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය වෙනුවෙන් විශේෂ දැනුම්දීමක්

දිවයින පුරා සියලුම පාසල් සඳහා විශේෂ නිවේදනයක් - ගුරුභවතුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය වෙනුවෙන් විශේෂ දැනුම්දීමක්

ධීවර ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම සහ ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණින් මෙම වසරේ ධීවර අමාත්‍යාංශය සඳහා රුපියල් මිලියන 15,400ක මුදලක් වෙන් කර ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය.

මීට අමතරව, අනෙකුත් අමාත්‍යාංශ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ප්‍රතිපාදන ද ඇතුළුව ධීවර ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් රුපියල් බිලියන 20කට වැඩි මුදලක් වෙන් කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මේ අතර, දිවයිනේ ධීවර වරායන් 24ක් පෞද්ගලිකව නිරීක්ෂණය කිරීමේදී ඉන් බොහොමයක් නිසි නඩත්තුවකින් තොරව නාමික වශයෙන් පමණක් ක්‍රියාත්මක වන බව අනාවරණය වූ බව ද ඔහු සඳහන් කළේය.

ඒ අනුව, අදාළ ධීවර වරායන් නවීන යටිතල පහසුකම් සහිත සේවා මධ්‍යස්ථාන බවට පරිවර්තනය කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව ද අමාත්‍යවරයා පැවසීය. එමෙන්ම, පොදු දේපළ වන ධීවර වරායන් ආරක්ෂා කර ගැනීම සඳහා ධීවර ප්‍රජාව ද වගකීමෙන් යුතුව සහයෝගය ලබාදිය යුතු බව ඔහු ඉල්ලා සිටියේය.

රටේ ජනතාවට අත්‍යවශ්‍ය ප්‍රෝටීන් අවශ්‍යතාව සපුරාලන ධීවර ප්‍රජාවගේ සමාජ තත්ත්වය ඉහළ නැංවීමේ වැදගත්කම ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

වතු ඉඩම් බදු දීම ගැන සෙන්දිල් තොණ්ඩමන්ගෙන් රජයට නව කොන්දේසි මාලාවක්

වතු ඉඩම් බදු දීම ගැන සෙන්දිල් තොණ්ඩමන්ගෙන් රජයට නව කොන්දේසි මාලාවක්

නව රජය බලයට පත්වීමෙන් පසු රුපියල් කෝටි 22,000කට ආසන්න වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා, ධීවර ප්‍රජාව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ඉලක්කයක් බවට පත්වීම වැළැක්වීම සඳහා අවධානයෙන් සිටින ලෙසත්, ඒ වෙනුවෙන් රජය සමඟ සහයෝගයෙන් කටයුතු කරන ලෙසත් ධීවර ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

රටේ ආර්ථිකයට සහ ආහාර සුරක්ෂිතතාවට සැලකිය යුතු දායකත්වයක් ලබාදෙන ධීවර ක්ෂේත්‍රය නවීකරණය කිරීමත්, ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය සහ සමාජ තත්ත්වය වැඩිදියුණු කිරීමත් රජයේ ප්‍රධාන අරමුණ බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

රත්තරන් ගන්න හොදම දවස අද - 3000කින් අඩු වුණු අද රන් මිලේ වාර්තාගත අගයන් මෙන්න

රත්තරන් ගන්න හොදම දවස අද - 3000කින් අඩු වුණු අද රන් මිලේ වාර්තාගත අගයන් මෙන්න