ගුරු සේවය වෙනුවෙන් බලන් හිටිය අයට සුබ ආරංචියක්

Report

අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් දිවයින පුරා පළාත් සහ ජාතික පාසල්වල ගුරු පුරප්පාඩු 36,178ක් පවතින බව පවසයි.

ඇය මේ බව සඳහන් කළේ අද (21) දින පාර්ලිමේන්තුවේ දී නැඟුනු පැනයකට පිළිතුරු වශයෙන්.

ඒ අනුව අග්‍රාමාත්‍යවරිය පවසා සිටියේ ජාතික පාසල්වල පුරප්පාඩු 1,501ක් පවතින බවයි.

එසේම පළාත් පාසල් ලෙස බස්නාහිර ගුරු පුරප්පාඩු 4,630ක්, දකුණ 2,513ක්, මධ්‍යම 6,318ක්, වයඹ 2,990ත්, ඌව 2,780ක්, උතුරු මැද 1,568ක්, නැගෙනහිර 6,613ක්, සබරගමුව 3,994ක් සහ උතුරු පළාතේ ගුරු පුරප්පාඩු 3,271ක් ද වාර්තා වී ඇති බවයි.

හරීන් යළි වැඩට බහී.. දේශපාලනය උණුසුම් මැද එජාපය ලොකු තනතුරක් දෙයි

හරීන් යළි වැඩට බහී.. දේශපාලනය උණුසුම් මැද එජාපය ලොකු තනතුරක් දෙයි

මේ වෙනුවෙන් ඉදිරියේ දී රටේ ජාතික පාසල්වල විද්‍යා, ගණිත, තාක්ෂණ විෂයන්, විදේශ භාෂා සහ 13 වසරක අඛණ්ඩ විෂයන් සඳහා මෙන්ම අපොස උසස් පෙළ සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ මාධ්‍ය පුරප්පාඩු සඳහා ඉකුත් 2024.07.28 වන දින සිට බඳවා ගැනීම් සිදුකර තිබෙනවා.

ඒ අනුව එහිදී ගුරු සේවයේ තුන්වන (ආ) 1 ශ්‍රේණීයට අයත් වැඩභාර නොගත් උපාධිධාරීන් 353ක් ඉදිරි මාස 2ක තුළ බඳවා ගැනීමට නියමිත බව ද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළා.

ඊට අමතරව ඇය වැඩිදුරටත් කියා සිටියේ පවතින ගුරු සේවයේ පුරප්පාඩු සම්පූර්ණ කිරීමට අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ඇති බඳවා ගැනීම් සමාලෝචන කමිටුවට ඉල්ලීම් ඉදිරිපත් කර එම පුරප්පාඩු සම්පූර්ණ කිරීමට අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ඉක්මනින් ගන්නා බවයි.

හෙට පාර්ලිමේන්තු එන්න ඕනේ මෙහෙමයි - කථානායකගෙන් දැනුම්දීමක්

හෙට පාර්ලිමේන්තු එන්න ඕනේ මෙහෙමයි - කථානායකගෙන් දැනුම්දීමක්

රත්තරං තියෙන අයට සුබ ආරංචියක් - දැන් උකසකට මෙච්චරක්

රත්තරං තියෙන අයට සුබ ආරංචියක් - දැන් උකසකට මෙච්චරක්