නයිජීරියාවේ බෝට්ටුවක් පෙරළී 24 දෙනෙක් මරුට

By Luxshan Nov 22, 2026 10:28 AM GMT
Report

නයිජීරියාවේ දකුණු ප්‍රදේශයේදී අවමංගල්‍ය උත්සවයකට සහභාගී වීම සඳහා පිරිසක් ප්‍රවාහනය කරමින් තිබූ බෝට්ටුවක් පෙරළී යාමෙන් අවම වශයෙන් පුද්ගලයින් 24 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ජාතික හදිසි කළමනාකරණ ඒජන්සිය (NEMA) නිකුත් කළ නවතම වාර්තාවකට අනුව, සෙනසුරාදා දිනයේ සිදුකළ සෝදිසි හා ගලවා ගැනීමේ මෙහෙයුම්වලදී මළ සිරුරු 24ක් සොයාගෙන ඇති අතර තවත් පුද්ගලයින් 24 දෙනෙකු බේරා ගැනීමට සහන කණ්ඩායම් සමත්ව ඇත.

කෙසේ වෙතත්, මීට පෙර පොලිසිය වාර්තා කර තිබුණේ මෙම අනතුරින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් ඇති බවයි.

රාජ්‍ය සේවකයින්ගේ සහ ගුරුවරුන්ගේ වැටුප් වැඩි වන හැටි ගෙවන දින අග්‍රාමාත්‍යවරිය හෙළි කරයි

රාජ්‍ය සේවකයින්ගේ සහ ගුරුවරුන්ගේ වැටුප් වැඩි වන හැටි ගෙවන දින අග්‍රාමාත්‍යවරිය හෙළි කරයි

බෝට්ටුවේ ඇති වූ යාන්ත්‍රික දෝෂයක් අනතුරට හේතු වී ඇති බවට ද පොලිසිය ප්‍රකාශ කර තිබිණි. අනතුර සිදුවන අවස්ථාවේදී බෝට්ටුව බයෙල්සා (Bayelsa) ප්‍රාන්තයේ අයමා (Ayama) ප්‍රදේශයේ සිට උකුබි (Ukubie) ප්‍රජාව වෙත අවමංගල්‍ය උත්සවයකට සහභාගී වීම සඳහා මගීන් පිරිසක් රැගෙන යමින් තිබූ බව NEMA ආයතනය සඳහන් කළේය.

මේ අතර, බයෙල්සා ප්‍රාන්ත ආණ්ඩුකාර ඩූයේ ඩිරි (Douye Diri) අනතුර සිදුවූ ස්ථානයට පැමිණ ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ද නියෝග කර තිබේ. ආණ්ඩුකාරවරයාගේ කාර්යාලය නිකුත් කළ ප්‍රකාශයකට අනුව, රජයේ ෆෙඩරල්, ප්‍රාන්ත සහ පළාත් පාලන ආයතන සිය වගකීම් නිසි ලෙස ඉටු කළේ නම් මෙවැනි ඛේදවාචකයක් වළක්වා ගැනීමට ඉඩ තිබූ බව ඔහු පෙන්වා දී ඇත.

රොයිටර් පුවත් සේවය වාර්තා කරන පරිදි, නයිජීරියාවේ අභ්‍යන්තර ජල මාර්ගවල බෝට්ටු අනතුරු නිරන්තරයෙන් සිදුවන අතර, විශේෂයෙන්ම ගංගා ආශ්‍රිත ප්‍රදේශවල බෝට්ටුවලට අධික ලෙස මගීන් පැටවීම සහ ආරක්ෂක රෙගුලාසි නොසලකා හැරීම එවැනි අනතුරුවලට බලපාන ප්‍රධාන කරුණු ලෙස සැලකේ.

“විවාහ වන්න, වැඩි වැඩියෙන් දරුවන් බිහිකරන්න” - හිටපු ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලීවිට් කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය මෙන්න

“විවාහ වන්න, වැඩි වැඩියෙන් දරුවන් බිහිකරන්න” - හිටපු ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලීවිට් කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය මෙන්න