ශාරුක්ගේ 'King' චිත්‍රපටයට වාර්තාගත මිලක් - විදෙස් අයිතිය කෝටි 175කට විකිණෙයි
බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන් රංගනයෙන් දායක වන නවතම චිත්‍රපටය වන 'King' හි විදෙස් සිනමා ප්‍රදර්ශන අයිතිය ඉන්දීය රුපියල් කෝටි 175ක මුදලකට අලෙවි වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මෙය ඉන්දීය සිනමා ඉතිහාසයේ චිත්‍රපටයක විදෙස් ප්‍රදර්ශන අයිතිය වෙනුවෙන් ගෙවූ ඉහළම මුදල ලෙස සැලකෙන බවද වාර්තා වේ.
Pinkvilla වෙබ් අඩවිය සඳහන් කරන පරිදි, අමෙරිකානු ඩොලර් මිලියන 18කට අධික වටිනාකමකින් යුත් මෙම ගනුදෙනුව සිදුකර ඇත්තේ ජාත්‍යන්තර චිත්‍රපට බෙදාහැරීමේ සමාගමක් වන Phars Films විසිනි.
මීට පෙර ෂාරුක් ඛාන්ගේ 'Pathaan' සහ 'Jawan' ඇතුළු චිත්‍රපටවල විදෙස් බෙදාහැරීමේ කටයුතු Yash Raj Films සමාගම විසින් සිදුකර තිබුණි.
කෙසේ වෙතත්, 'King' චිත්‍රපටයේ විදෙස් ප්‍රදර්ශන අයිතිය ලබාගෙන ඇත්තේ Phars Films සමාගම වන අතර, ඒ වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටි 175ක අවම සහතික මුදලක් ගෙවා ඇති බව සඳහන් වේ.
අසරණකම විකුණන් කන සමාජ මාධ්‍ය චරිත ගැන බොලිවුඩ් නළු ශරද් කපූර් හෙළි කළ අමිහිරි ඇත්ත – "වීඩියෝ කරලා සල්ලි අතට දීලා, පස්සේ ආපහු අරන් ගියා!" – "වීඩියෝ කරලා සල්ලි අතට දීලා, පස්සේ ආපහු අරන් ගියා!"
ඉන්දීය මාධ්‍ය වාර්තාවලට අනුව, මීට පෙර කිසිදු ඉන්දීය චිත්‍රපටයක විදෙස් ප්‍රදර්ශන අයිතිය වෙනුවෙන් කෝටි 100 සීමාව ඉක්මවූ ගනුදෙනුවක් වාර්තා වී නොතිබීමද මෙම ගනුදෙනුවේ විශේෂත්වයකි.
කෙසේ වෙතත්, මෙතරම් විශාල මුදලකට විදෙස් ප්‍රදර්ශන අයිතිය අලෙවි වීමත් සමඟ 'King' චිත්‍රපටයට ඉහළ ආදායම් ඉලක්කයක් සපුරා ගැනීමේ අභියෝගයක්ද එල්ල වී තිබේ.
එම ගනුදෙනුවේ පිරිවැය පියවා ගැනීම සඳහා පමණක් චිත්‍රපටය විදෙස් වෙළෙඳපොළෙන් අමෙරිකානු ඩොලර් මිලියන 37ත් 40ත් අතර ආදායමක් උපයාගත යුතු බව වාර්තා වේ. එය ඉන්දීය රුපියල් කෝටි 350ත් 375ත් අතර දළ ආදායමකට සමාන වේ.
ෂාරුක් ඛාන්ගේ මෙතෙක් වැඩිම ආදායම් වාර්තා කළ චිත්‍රපට අතරට අයත් 'Pathaan' සහ 'Jawan' යන චිත්‍රපට දෙකම විදෙස් සිනමා ප්‍රදර්ශනවලින් ඉන්දීය රුපියල් කෝටි 400කට ආසන්න ආදායමක් උපයාගෙන තිබුණි.
ඒ අනුව, 'King' චිත්‍රපටය විදෙස් වෙළෙඳපොළ තුළ සැලකිය යුතු ලාභයක් වාර්තා කිරීමට නම් එම ආදායම් මට්ටමට ළඟාවීම හෝ එය ඉක්මවා යාමට සිදුවනු ඇති බව සිනමා විශ්ලේෂකයන් පෙන්වා දෙන බව වාර්තා වේ.
ප්‍රකට බොලිවුඩ් අධ්යක්ෂ සිද්ධාර්ත් ආනන්ද් විසින් අධ්‍යක්ෂණය කරනු ලබන මෙම චිත්‍රපටය, 2023 වසරේ තිරගත වූ 'Pathaan' චිත්‍රපටයෙන් පසු ෂාරුක් ඛාන් සහ සිද්ධාර්ත් ආනන්ද් එක්වන දෙවැනි නිර්මාණයයි.
'King' චිත්‍රපටය එළඹෙන දෙසැම්බර් 24 වැනිදා සිට ලොව පුරා සිනමාහල්වල ප්‍රදර්ශනය කිරීමට නියමිතය.