දඩ මුදල්වලට යටත් වෙන්න එපා- දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් හදිසි සිහිකැඳවීමක්
By Kanchana
2025/2026 තක්සේරු වර්ෂයට අදාළ ආදායම් බදු වාර්තා ඉදිරිපත් කිරීම සඳහා ලබාදී ඇති අවසන් දිනය 2026 නොවැම්බර් 30 වනදා බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) බදු ගෙවන්නන්ට දැනුම් දෙයි.
මෙම අවසන් දිනය ආයතනික ආදායම් බදු (CIT), හවුල් ව්‍යාපාර ආදායම් බදු (PIT) සහ පුද්ගල ආදායම් බදු (IIT) වාර්තා ඉදිරිපත් කිරීම සඳහා අදාළ වේ.
ප්‍රමාද වී වාර්තා ඉදිරිපත් කිරීම හේතුවෙන් දඩ මුදල්වලට යටත් වීම වළක්වා ගැනීම සඳහා, නියමිත කාලසීමාව අවසන් වීමට පෙර සියලුම අදාළ බදු වාර්තා ඉදිරිපත් කරන ලෙස දෙපාර්තමේන්තුව බදු ගෙවන්නන්ගෙන් ඉල්ලා සිටී.
දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා විසින් මෙම සිහි කැඳවීම නිකුත් කර ඇත.