ලොකු ලූණු බදු අඩු වෙනකොට.. පොල්වලටයි හාල් වලටයි මොකක්ද වුණේ?. නව රජයෙන්, උත්සව සමයේ දී භාණ්ඩ රැසක මිල ගැන තීරණයක්?.

Report

රජය විසින් වෙළෙඳපොළ තුළ පවතින මිල ඉහළ යෑම සැළකිල්ලට ගනිමින් ආනයනික ලොකු ලූණු කිලෝවක් සඳහා පනවා තිබු රුපියල් 30ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 10ක් දක්වා අඩුකිරීමට තීරණය කළේ ය.

එම සහනය මේ මස 31 වැනිදා දක්වා බල පැවැත්වෙන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ ය.

මේ අතර, වෙළෙඳපොළ තුළ තවමත් පාලන මිල ඉක්මවා සහල් අලෙවි වන බවට පාරිභෝගිකයින් චෝදනා කරයි.

එමෙන්ම, පසුගිය මාස කිහිපයේ සිටම වෙළෙඳපොළ තුළ නාඩු සහල් හිගයක් පැවතියේ ය.

එළවළු කාලත් හමාරයි?. මොකක්ද මේ වුණේ?.

එළවළු කාලත් හමාරයි?. මොකක්ද මේ වුණේ?.

එයට විසඳුමක් දීම සඳහා රජය සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් සමග අවස්ථා කිහිපයකදීම සාකච්ඡා පැවැත්වන ලදී.

නමුත් එය සාර්ථක වූයේ නොමැත.

කෙසේ වෙතත්, වෙළෙඳපොළේ පවතින නාඩු සහල් හිගයට සහ සහල් මිල පාලනය කිරීම සඳහා නාඩු සහල් මෙට්‍රික් ටොන් 70,000ක් ආනයනය කිරීමට රජය පසුගියදා තීරණය කළේ ය.

මේ අතර, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමයේ නිකුත් කළ ගැසට් නිවේදන දෙකක් මත පදනම්ව වත්මන් රජය කටයුතු කිරීම හේතුවෙන් සහල් මිල අඩු කිරීමට නොහැකි තත්වයක් උද්ගත වී ඇති බව එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති මුදිත පෙරේරා පැවසීය.

මේ මාසේට අදාළව, ලාෆ්ස් ගෑස් මිලට මොකද වෙන්නේ?. සමාගමෙන් එකවරම දැනුම්දීමක් මෙන්න..

මේ මාසේට අදාළව, ලාෆ්ස් ගෑස් මිලට මොකද වෙන්නේ?. සමාගමෙන් එකවරම දැනුම්දීමක් මෙන්න..

එවන් පසුබිමක, වෙලදපොළේ පොල් මිල ද තවදුරටත් ඉහළ යමින් පවති.

එමෙන්ම, ඇතැම් ප්‍රදේශවල පොල් හිගයක්ද පවතින බවට වාර්තා වේ.

කෙසේ වෙතත්, උත්සව සමයේ අත්‍යාවශ්‍ය භාණ්ඩ රැසක මිල අඩු කිරීමට ආණ්ඩුව සූදානම් බව වෙළෙඳ, වානිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ කියා සිටියේ ය.

You May Like This Video👇 

.