ඇමරිකාවට යන්න සිහින මැව්වද? අමෙරිකානු තනාපති කාර්යාලයෙන් වීසා බලපත්රයක්
මෙරට අමෙරිකානු තනාපති කාර්යාලය දැනුම් දීමක් සිදුකර තිබෙන්නේ B1/B2 සංචාරක වීසා බලපත්රයක් මත අමෙරිකා එක්සත් ජනපදයට පැමිණෙන විට ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ පිළිබඳව දැනුවත් වන ලෙසයි.
එහි සඳහන් වන්නේ ඔබේ වීසා බලපත්රය අනිසි ලෙස භාවිත කළහොත් හෝ අවසර දී ඇති කාලසීමාව ඉක්මවා එක්සත් ජනපදයේ රැඳී සිටියහොත්, අනාගතයේදී එක්සත් ජනපදයට සංචාරය කිරීම ස්ථිරවම තහනම් වීමට ඉඩ ඇති බවය.
මීට අමතරව අමෙරිකා එක්සත් ජනපදය වෙත B1/B2 සංචාරක වීසා බලපත්රයක් මඟින් ඇතුළු වන සංචාරකයින් සඳහා එරට බලධාරීන් විසින් වැදගත් මතක් කිරීමක් නිකුත් කර බලධාරීන් පෙන්වා දෙන්නේ වීසා නීතිරීතිවලට අනුකූලව කටයුතු කිරීම සම්පූර්ණයෙන්ම සංචාරකයාගේ වගකීමක් වන අතර, නීති උල්ලංඝනය කිරීම් දැඩි ලෙස සැලකිල්ලට ගතයුතු බවයි.
මෙම වීසා බලපත්රය යටතේ අමෙරිකාවට ඇතුළු වන පුද්ගලයින්ට කළ හැකි සහ කළ නොහැකි දේවල් මොනවාද යන්න පිළිබඳව දැනුම් දී තිබේ. ඒ අනුයව,
🟢 කළ හැකි දේ
කොන්ත්රාත් සාකච්ඡා පැවැත්වීම
ව්යාපාරික සමුළු සහ සම්මන්ත්රණ සඳහා සහභාගී වීම
🔴 කළ නොහැකි දේ
අමෙරිකා එක්සත් ජනපදය තුළදී කිසියම් ආකාරයක තමාට කරන මුදල් ගෙවීමක් (Payment) ලබා ගැනීම
ඇමරිකානු සේවා යෝජකයෙකු යටතේ සේවය කිරීම
ඔබේ වීසා බලපත්රය නිසි පරිදි සහ නීත්යානුකූලව භාවිත කිරීම සම්පූර්ණයෙන්ම ඔබේ වගකීමක් වන බැවින්, වීසා කොන්දේසි කඩවීමෙන් සිදුවිය
හැකි නීතිමය ගැටලුවලින් වැළකී සිටින ලෙස බලධාරීහු වැඩිදුරටත් අවධාරණය කරති. වැඩි විස්තර සඳහා travel.state.gov/visas වෙත පිවිසෙන මෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.