ආසියා ශාන්තිකර කලාපයේ රටවල් රැසක විකාශකයෝ එකම වේදිකාවකට - 63වැනි මහා සමුළුව ජනපති ප්‍රධානත්වයෙන්

Report

ආසියා ශාන්තිකර කලාපීය විද්‍යුත් විකාශකයින්ගේ සංගමයේ (ABU) 63වැනි මහා සමුළුවේ සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01) පෙරවරුවේ කොළඹදී පැවැත්විණි.

මෙම සමුළුව සඳහා ආසියා ශාන්තිකර කලාපීය විද්‍යුත් විකාශකයින්ගේ සංගමයට අයත් රටවල් 66ක විද්‍යුත් මාධ්‍ය ආයතන 225ක් නියෝජනය කරමින් නියෝජිතයෝ සහභාගි වූහ.

කලාපීය මාධ්‍ය ක්ෂේත්‍රයේ තාක්ෂණික දියුණුව, ක්‍රීඩා විකාශනය සහ මාධ්‍ය අන්තර්ගතයන් පිළිබඳ කරුණු මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය.

එමෙන්ම කෘත්‍රිම බුද්ධිය (AI) මාධ්‍ය ක්ෂේත්‍රයට යොදා ගැනීම සහ සයිබර් ආරක්ෂාව ඇතුළු වත්මන් මාධ්‍ය ක්ෂේත්‍රයේ අභියෝග පිළිබඳව ද පුළුල් ලෙස අවධානය යොමු කෙරේ.

මහා සමුළුවට සමගාමීව තාක්ෂණික සහ විද්වත් කමිටු සැසි කිහිපයක් ද ඔක්තෝබර් 30 සහ 31 යන දිනවලදී පැවැත්විණි.

සමුළුවේ සමාරම්භක අවස්ථාවට සහභාගි වීම සනිටුහන් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සමරු තිළිණයක් ද පිළිගන්වන ලදී.

මෙම අවස්ථාවට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා, විදේශීය තානාපතිවරුන්, රාජ්‍ය නිලධාරීන්, ආරක්ෂක අංශ ප්‍රධානීන් සහ මාධ්‍ය ක්ෂේත්‍රයේ නියෝජිතයෝ එක්ව සිටියහ.

දකුණු කොරියාවේ ඉගෙනගෙන රැකියාවක් කරන්න අවස්ථාවක් - ශ්‍රී ලාංකික සිසුන්ට නව දොරටුවක්

දකුණු කොරියාවේ ඉගෙනගෙන රැකියාවක් කරන්න අවස්ථාවක් - ශ්‍රී ලාංකික සිසුන්ට නව දොරටුවක්

තලෙයිමන්නාරම මුහුදේ අනවසරයෙන් මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 07 දෙනෙකු සහ යාත්‍රාවක් නාවික හමුදා භාරයට

තලෙයිමන්නාරම මුහුදේ අනවසරයෙන් මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 07 දෙනෙකු සහ යාත්‍රාවක් නාවික හමුදා භාරයට