ප්රියංකා චොප්රාගේ දීපවාලි සාදයට සන්යා මල්හෝත්රායා අලංකාර මිලියන 2.2ක කළු-රන්වන් ඇඳුමකින්
ඉන්දීය නිළි සන්යා මල්හෝත්රා, ප්රියංකා චොප්රා විසින් ලොස් ඇන්ජලීස්හිදී සංවිධානය කළ දීපවාලි සැමරුම් සාදයට සහභාගි වී ඇත්තේ ඉන්දීය මෝස්තර නිර්මාණ ශිල්පිනී මසාබා ගුප්තා විසින් නිර්මාණය කරන ලද රුපියල් ලක්ෂ 22ක් පමණ වටිනා ඇඳුම් කට්ටලයකින් සැරසෙමිනි.
සාම්ප්රදායික සාරිය හෝ ලෙහෙන්ගා ඇඳුම වෙනුවට කළු සහ රන්වන් පැහැයෙන් යුත් නවීන විලාසිතාවක් තෝරා ගැනීම මෙහි විශේෂත්වයක් විය.
එම ඇඳුම් කට්ටලයට රන්වන් පැහැති සංකීර්ණ සර්දෝසි එම්බ්රොයිඩර් මෝස්තරවලින් අලංකාර කළ කළු පැහැති බ්රැලට් එකක්, ඊට ගැළපෙන කෙටි ස්කෝර්ට් සායක් සහ බිම දක්වා දිගු කේප් එකක් ඇතුළත් විය.
මෙම ඇඳුම් කට්ටලයේ වඩාත් කැපී පෙනෙන අංගය වූයේ දිගු කේප් එකයි. එය රන්වන් පැහැති ඉරි, එම්බ්රොයිඩර් කළ මායිම් සහ අත් හා පහළ කොටසෙහි සියුම් මෝස්තරවලින් සමන්විත විය.
ඇයගේ පෙනුමට ගැළපෙන ලෙස රන්වන් පැහැති මාං ටිකා ආභරණයක් සහ විශාල සාම්ප්රදායික කරාබු යුගලයක් ද පැළඳ සිටියාය.
මධ්යයෙන් බෙදා සකස් කළ කොණ්ඩා මෝස්තරය සහ ලෝහමය පටි සහිත උස සපත්තු ඇගේ පෙනුමට තවත් ආකර්ෂණයක් එක් කළේය.
ඔක්තෝබර් 31 වැනිදා සන්යා මල්හෝත්රා සිය ඉන්ස්ටග්රෑම් ගිණුමට එක් කළ ඡායාරූප පෙළක් මගින් මෙම දීපවාලි සැමරුමේදී ඇයගේ විලාසිතාව රසිකයන් සමඟ බෙදාගෙන තිබිණි.
සාම්ප්රදායික ඉන්දීය එම්බ්රොයිඩර් කලාව නවීන ඇඳුම් හැඩතල සමඟ මුසු කරමින් නිර්මාණය කර තිබූ මෙම ඇඳුම් කට්ටලය මසාබා ගුප්තාගේ නිල වෙබ් අඩවියට අනුව ඉන්දීය රුපියල් ලක්ෂ 22ක මිලකට අලෙවි වේ.