''ජනතා විරෝධය තිබුණත් රටට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ යුතුයි'' - මහ බැංකු අධිපති කියයි

Report

ජනතාවගේ කැමැත්ත හෝ අකමැත්ත නොසලකා රටට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළ යුතු බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

කැලණිය විශ්වවිද්‍යාලයේ පැවති දේශනයකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළේය. ආර්ථිකය සුරක්ෂිත කිරීම වෙනුවෙන් මහ බැංකුව මේ වනවිටත් දැඩි තීරණ සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කර ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

එම ප්‍රතිපත්ති ඉදිරියේදී ද අවශ්‍යතාව අනුව ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බව ද ඔහු පැවසීය. මහජන කැමැත්ත මත පමණක් පදනම්ව මෙවැනි තීරණ ක්‍රියාත්මක නොකිරීමෙන් අවසානයේ සමස්ත රටටම බරපතළ හානියක් සිදුවිය හැකි බව මහ බැංකු අධිපතිවරයා අවධාරණය කළේය.

රටේ අවශ්‍යතාව අනුව බදු ප්‍රමාණ ඉහළ නැංවීමට සිදුවන නමුත්, බහුතරයක් ජනතාව බදු වැඩි කිරීමට අකමැති බව ද ඔහු සඳහන් කළේය.

අද සිට 18ට වැඩි අයට මේ දේවල් කරන්න TIN අංකය අනිවාර්යයි - බදු ගෙවිය යුතු අය ගැනත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් පණිවිඩයක්

අද සිට 18ට වැඩි අයට මේ දේවල් කරන්න TIN අංකය අනිවාර්යයි - බදු ගෙවිය යුතු අය ගැනත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් පණිවිඩයක්

එවැනි තීරණ හේතුවෙන් සමාජය තුළ විරෝධතා මතුවී යම් අස්ථාවරත්වයක් නිර්මාණය වීමේ ඉඩකඩක් පවතින බව ද මහ බැංකු අධිපතිවරයා පෙන්වා දුන්නේය.

එබැවින් බදු අඩු කිරීම හෝ වැඩි කිරීම තුළින් රටේ ආර්ථිකයට සිදුවන බලපෑම පිළිබඳව මහජනතාවට නිවැරදිව සන්නිවේදනය කිරීම රජයේ වගකීමක් බව ඔහු පැවසීය.

ඒ හරහා ජනතාව දැනුවත් කර අදාළ ප්‍රතිපත්ති සාර්ථකව ඉදිරියට ගෙන යා හැකි බව ද ඔහු සඳහන් කළේය.

බදු සංශෝධන නිවැරදි අවස්ථාවේදී සිදුකිරීමේ වැදගත්කම ද මෙහිදී පෙන්වා දුන් මහ බැංකු අධිපතිවරයා, බදු වැඩි කරන සෑම අවස්ථාවකදීම ඊට අකමැති පිරිසක් සමාජයේ සිටින බව රජය තේරුම් ගත යුතු බව පැවසීය.

පසුගිය සමයේ රට තුළ පැවති දැඩි දේශපාලන හා ආර්ථික අර්බුද හමුවේ වුවද, රටේ ආර්ථිකය යම් මට්ටමකට හෝ ස්ථාවරව පවත්වා ගැනීමට හැකි වූයේ ජනප්‍රිය නොවන නමුත් රටට අත්‍යවශ්‍ය තීරණ නිසි අවස්ථාවේදී ක්‍රියාත්මක කිරීම නිසා බව ද මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

තලෙයිමන්නාරම මුහුදේ අනවසරයෙන් මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 07 දෙනෙකු සහ යාත්‍රාවක් නාවික හමුදා භාරයට

තලෙයිමන්නාරම මුහුදේ අනවසරයෙන් මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 07 දෙනෙකු සහ යාත්‍රාවක් නාවික හමුදා භාරයට