එළවළු කාලත් හමාරයි?. මොකක්ද මේ වුණේ?.
මේ වන විට ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිල ගණන් සීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනවා.
ඒ පසුගිය දිනවල බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ය.
ඒ අනුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත ලැබෙන එළවළු ප්‍රමාණය සියයට 65ක් දක්වා පහළ අගයක පවති.
ඒ හේතුවෙන් එළවළු මිළ ගණන්ද ඉහළ අගයක පවති.
එමෙන්ම, කැප්පෙටිපොල ආර්ථික මධ්‍යස්ථානයේද එළවලු මිල ගණන් ඉතා ඉහළ අගයක් දක්නට ලැබේ.
මේ අතර, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමයේ නිකුත් කළ ගැසට් නිවේදන දෙකක් මත පදනම්ව වත්මන් රජය කටයුතු කිරීම හේතුවෙන් සහල් මිල අඩු කිරීමට නොහැකි තත්වයක් උද්ගත වී ඇති බව එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය සඳහන් කළේ ය.
කෙසේ වෙතත්, මේ බව පොළොන්නරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එම සංගමයේ සභාපති මුදිත පෙරේරා කියා සිටියේ ය.
You May Like This Video👇
.