ක්ලබ් වසන්ත ඝාතනයට අදාලව අද උදෑසන සිදු වූ දේ මෙන්න..

Report

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනයට ආධාර අනුබල දුන් තවත් සැකකරුවෙකු (36) අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න සේවා ප්‍රදේශයේදීයි.

මේ අතර, ටැටූ ආයතනයේ හිමිකරු ඇතුළු සැකකරුවන් 10 දෙනා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පසුගියදා (05) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කළේ ය.

අරුණට අවසන් පූර්ව තරඟයේ සිදුවූ අවාසනාවන්ත සිදුවීම ..ඔහුගේ කාලය අවලංගු කරයි..

අරුණට අවසන් පූර්ව තරඟයේ සිදුවූ අවාසනාවන්ත සිදුවීම ..ඔහුගේ කාලය අවලංගු කරයි..


ඒ, අගෝස්තු 20 වැනිදා දක්වා බවයි පැවසෙන්නේ.

එමෙන්ම බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා, නීතිපති දෙපාර්තමේන්තුව සහ ඝාතනයට ලක් වූ ක්ලබ් වසන්ත නමැත්තාගේ පුත්‍රයා ද නීති කෘත්‍යය සඳහා අධිකරණ හමුවේ පෙනි සිටි බවයි වාර්තා වන්නේ.

පසුගිය මස 08 වැනිදා, අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ ව්‍යාපාරික ස්ථානයක් විවෘත කිරීමක් අතරතුර ක්ලබ් වසන්ත නමැත්තා ඇතුළු දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කෙරුණේ.

මෙම ඝාතන සැලසුම් කිරීම සහ අනුබල දීම යන චෝදනා යටතේ ටැටූ ව්‍යාපාරික ස්ථානයේ හිමිකරු සහ කාන්තාවක ඇතුළු පුද්ගලයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගැනුණු අතර ඔවුන් පසුගිය 22 වැනිදා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

එහිදී ටැටු ව්‍යාපාරික දුලාන් සංජුල නමැත්තා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරිය හමුවේ රහස් ප්‍රකාශයක් ද සිදු කළේ ය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂකයා නම් කිරීම ගැන ආරංචිය මෙන්න..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂකයා නම් කිරීම ගැන ආරංචිය මෙන්න..


එදින කඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය නියෝග කළේ සැකකරුවන් අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

ඒ අනුව, දුලාන් සංජුල ඇතුළු සැකකරුවන් 10 දෙනා අද(07) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබී ය.