සුරේෂ් සලේව රඳවාගෙන ඉන්නේ LTTE හිතවාදී දෙමළ ඩයස්පෝරාව සතුටු කරන්න - හදිසියේම ජනපතිට ලිපියක්
විශ්‍රාමික ධජ නිලධාරීන්ගේ සංගමය විසින් අසාද් මවුලානා විසින් සුරේෂ් සලේට විරුද්ධව කළ චෝදනා අසත්‍ය බව ජනාධිපති කොමිසම තහවුරු කර ඇති තත්ත්වයක රජය ඔහුව රඳවාගෙන ඇත්තේ LTTE හිතවාදී දෙමළ ඩයස්පෝරාව සතුටු කිරීමට බව පවසයි.
ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ඔවුන් මේ බව සඳහන් කර ඇත. ජනාධිපතිවරා වෙත යොමුකළ එම ලිපියේ උපුටාගැනීම,
"නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාට අනුව, එක්සත් රාජධානියේ කුප්‍රකට චැනල් ෆෝ නාලිකාවට අසාද් මවුලානා නමැත්තා ලබා දුන් ප්‍රකාශයක් මත සුරේෂ් සලේ මහතාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. අසාද් මවුලානා යනු හිටපු LTTE සාමාජිකයෙක් වගේම ISIS හිතවාදියෙක්. ඒ වගේම ඔහු රටින් පලා ගොස් ස්විට්සර්ලන්තයේ දේශපාලන රැකවරණය පතන අයෙක්. ඔහුට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ විවෘත වරෙන්තු දෙකක් තිබෙනවා. CID අධ්‍යක්ෂකවරයා ප්‍රංශයට ගිහින් පැරීසියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී මවුලානා හමුවෙලා ප්‍රකාශයක් ලබා ගෙන තිබෙනවා. සලේව අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙම ප්‍රකාශය මත පදනම්වයි.
සලේට මාංචු දාලා නිරුවත් කරා - දෙකට නවලා ගුද මාර්ගය පරික්ෂා කරා - නෑ නෑ කිව්වට හැමදේම ඊයේ CID පිළිගත්තා - සුරේෂ් සලේගේ බිරිදගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක්
ප්‍රංශයේ LTTE ජාලය විනාශ කිරීමට දායක වූ සුරේෂ් සලේ පැරිසියේ හිටපු LTTE ත්‍රස්තවාදියෙකු ලබා දුන් ප්‍රකාශයක් මත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන ඇති බව දැනගැනීම පවා කනගාටුවට කරුණක් නොවේද? මවුලානා සලේට එරෙහිව ඉදිරිපත් කරන ලද චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ජනාධිපති කොමිසමක් පත් කර තිබෙනවා. කොමිසම මවුලානා පවසා ඇති දේ අමූලික බොරුවක් බව සැකයෙන් ඔබ්බට තහවුරු කර තිබෙනවා. සලේ අත්අඩංගුවට ගෙන තිෙන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ.
ඔහුට රැඳවුම් කුටිය තුළ ඉතාමත් පහත්, කුරිරු සහ අමානුෂික ආකාරයෙන් සලකා තිබෙනවා. රණවිරුවෙකුට ඒ අයුරින් සැලකීම ම LTTE හිතවාදී දෙමළ ඩයස්පෝරාව සතුටු කිරීමට හේතුවක් වන බවට සැකයක් නැහැ. එම නිසා සුරේෂ් සලේ රඳවා තබාගෙන සිටින ආකාරය අප හෙළා දකින අතර මෙම යුදවිරුවා චූදිතයෙක් ලෙස රැඳී සිටින තාක් ඔහුට නිසි ගෞරවයෙන් සලකන ලෙස අප රජයට දැනුම් දෙනවා" යනුවෙන් දැක්වේ.