අපරාධකරුවන්ට ව්‍යාජ ගමන් බලපත්‍ර - CID විමර්ශන දැඩිවෙයි

Passport Law and Order Latest Headlines Sinhala news SriLanka News - Gagana
By Shehan Jun 01, 2025 02:46 AM GMT
Shehan

Shehan

Report

විදේශගතව සැඟවී සිටින ශ්‍රී ලාංකික අපරාධකරුවන්ට ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර සකස් කරදීම සහ ඊට ආධාර අනුබල දීමේ චෝදනා යටතේ, රාජ්‍ය නිලධාරීන් ඇතුළු සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.

ඉතා සූක්ෂ්ම ලෙස සංවිධානය වූ මෙම ජාලය හරහා සංවිධානාත්මක අපරාධකරුවන්ට, මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහ රුපියල් කෝටි ගණනින් වංචා කළ බවට චෝදනා එල්ල වූ මූල්‍ය අපරාධකරුවන්ට ඉකුත් කාලයේදී ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර රැසක් සකස් කර දී ඇති බව CID හි වෙළෙඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන ඒකකය හෙළි කරගෙන තිබේ.

රන් මිලට වෙච්චදේ.. වෙළඳපොළ අවුල්

රන් මිලට වෙච්චදේ.. වෙළඳපොළ අවුල්

ජාත්‍යන්තර පොලිසිය (Interpol) හරහා දුටු තැන අත්අඩංගුවට ගැනීමට රතු නිවේදන නිකුත් කර ඇති සංවිධානාත්මක අපරාධකරුවන් පිරිසකටද මෙලෙස ව්‍යාජ ගමන් බලපත්‍ර සකස් කර දී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. "ආගමන විගමන පාලක ජනරාල් වෙත අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර ව්‍යාජ ලෙස විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමේ සිද්ධීන් සම්බන්ධයෙන් මෑතකදී විමර්ශන ආරම්භ කළා. දීර්ඝ කාලයක සිට විශාල පිරිසකට ව්‍යාජ ගමන් බලපත්‍ර සකස් කර දී ඇති බවත්, අපරාධකරුවන් වෙනුවෙන් එලෙස බලපත්‍ර රැසක් සකස් කර දී ඇති බවත් අනාවරණය වුණා," යැයි CID හි ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරියෙක් පැවසීය.

පැරදුනාට අනුදිට අවුල්ද?මුහුණු පොතට අනුදිගෙන් සංවේදී සටහනක්

පැරදුනාට අනුදිට අවුල්ද?මුහුණු පොතට අනුදිගෙන් සංවේදී සටහනක්

මෙම සංවිධානාත්මක අපරාධකරුවන් විසින් මුදල් හා ත්‍යාග අල්ලස් ලෙස ඇතැම් රාජ්‍ය නිලධාරීන්ට ලබාදී ව්‍යාජ ගමන් බලපත්‍ර සකස් කරගෙන ඇති බව මේ වන විට හෙළි වී තිබේ. විවිධ නම්වලින් හා වෙනත් පුද්ගලයන්ගේ ඡායාරූප යොදාගනිමින් මෙම බලපත්‍ර ව්‍යාජ ලෙස සකස් කර ඇති හෙයින්, විදේශ ගමන් තහනම් යොදා තිබූ අපරාධකරුවන් ඇතැමෙකු ශ්‍රී ලංකාවට රහසේ පැමිණ නැවත පිටව ගොස් ඇති බවට සැක පළවේ.

රැජිණියගේ සත්වන දින බණට සහභාගී වූ ඇගේ ජීවිතයේ වටිනාම පුද්ගලයා

රැජිණියගේ සත්වන දින බණට සහභාගී වූ ඇගේ ජීවිතයේ වටිනාම පුද්ගලයා

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ඇතැම් ඉහළ නිලධාරීන් මෙන්ම, ගමන් බලපත්‍ර සකස් කිරීමේදී අනිවාර්යෙන් ඉදිරිපත් කළ යුතු උප්පැන්න සහ ජාතික හැඳුනුම්පත් ව්‍යාජ ලෙස සකස් කිරීමට ආධාර අනුබල දුන් ග්‍රාම නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක්ද මෙම ජාවාරමට සම්බන්ධ බව හෙළි වී ඇත. විමර්ශනයේදී අනාවරණය වන කරුණු මත එම සැකකරුවන් අත්අඡංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව CID හි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළේය. 

කොවිඩ් රෝගීන් 3000 දක්වා ඉහළට.. 4 දෙනෙක් මියයයි

කොවිඩ් රෝගීන් 3000 දක්වා ඉහළට.. 4 දෙනෙක් මියයයි

ReeCha