මාධ්‍යවේදී චමුදිත ඝාතන කුමන්ත්‍රණය ඩුබායි සිට ප්ලෑන් කරපු තැන ගැන හෙළි වීමත් සමඟ මැතිවරණ කොමිසම ගත් තීරණය. (ලිපිය සහිතයි)

Sri Lanka Police Election Commission of Sri Lanka Journalists In Sri Lanka
By Wayomi Aug 26, 2024 02:01 PM GMT
Wayomi

Wayomi

Report

ජ්‍යෙෂ්ඨ මාද්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා ඝාතනය කිරීමට සැලැසුම්කර ඩුබායි සිට සැලසුම් කර ඇති පුවත සම්බන්ධයෙන් ගගන අප මීට පෙර වාර්තා කර තිබුනා.

ඒ, 2024/08/09 වන සිකුරාදා දින ඩුබායි වේලාවෙන් සවස 06.30ත් 07.30ත් අතර කාලය තුළ චමුදිත ඝාතනය කිරීමට ඩුබායි රාජ්‍යයේ පිරිසක් සාකච්ඡා කල ස්ථානයක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා විය.

ඉන්ධන මිලෙහි යළි විශාල වෙනසක්. - තෙල් පරිභෝජනයෙත් වෙනස්කම්. - ලබන සතියේ එන අලුත්ම තීරණය මෙන්න.

ඉන්ධන මිලෙහි යළි විශාල වෙනසක්. - තෙල් පරිභෝජනයෙත් වෙනස්කම්. - ලබන සතියේ එන අලුත්ම තීරණය මෙන්න.

 

මේ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති ආනන්ද රත්නායක මහතාගෙන් ද ගගන ප්‍රවෘත්ති අශයේ අප විමසීමක් කළා.

එහිදී ඔහු කියා සිටියේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ වගකීම පැවරී ඇත්තේ පොලීසිය ඇතුලු රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් වගකීම හිමි පාර්ශව වෙත බවයි.

එමෙන්ම මැතිවරණ කොමිසමට ඇත්තේ, මැතිවරණය සම්බන්ධයෙන් කටයුතු කිරීමත්, මෙවැනි සිද්ධි ගැන සෙවීමට කාලයක් නොමැති බවත්, මේ ගැන ආරක්ෂක අංශ සොයා බලා ඊට අදාල ක්‍රියාමාර්ග ගතයුතුව ඇති බව ද ආනන්ද රත්නායක මහතා ගගන වෙත වැඩිදුරටත් කියා සිටියා.

සජිත්ගේ රැලියකට ආ පිරිසකට තණකොල කන්න දෙයි.

සජිත්ගේ රැලියකට ආ පිරිසකට තණකොල කන්න දෙයි.


මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ දිනයේදී අප පිළියන්දල පොලීසියෙන් කළ විමසීමකදී කියා සිටියේ, මෙම සිද්ධිය බරපතල කාරණයක් බවත්, මේ සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය ඇතුළු වගකිව යුතු සියලුම අංශ දැනුවත් කර ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර ඇති බවත්ය.

මසකට රු.20000ක ප්‍රතිපාදනයක් දී මාස 24කින් හිතාගන්නවත් බැරි විදිහට මෙරටට සිදු වන්න යන දේ.

මසකට රු.20000ක ප්‍රතිපාදනයක් දී මාස 24කින් හිතාගන්නවත් බැරි විදිහට මෙරටට සිදු වන්න යන දේ.


මේ අතර, නාමල් කුමාර මහතා විසින් සිදු කරන මෙම ප්‍රකාශයට අදාලව තොරතුරු ලබාදුන් කාන්තාව ඩුබායි වල සිටින බවත්, ඇය හරහා ඉදිරියේදී තවත් තොරතුරු රැසක් ලබාගෙන මෙම විමර්ශනය කඩිනම් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවද පිළින්දල පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා. කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා විසින් වැඩ බලන පොලිස්පති ලලිත් පතිනායක මහතා වෙත විශේෂ ලිපියක් යොමු කරනු ලැබුවා.

මාධ්‍යවේදී චමුදිත ඝාතන කුමන්ත්‍රණයේ තවත් කරුණු රැසක් එළියට..ඩුබායි සිට ප්ලෑන් කරපු තැන ගැනත් හෝඩුවාවක්..මැතිවරණ කොමිසමේ සභාපති කියූ දේත් මෙන්න..(PHOTOS)

මාධ්‍යවේදී චමුදිත ඝාතන කුමන්ත්‍රණයේ තවත් කරුණු රැසක් එළියට..ඩුබායි සිට ප්ලෑන් කරපු තැන ගැනත් හෝඩුවාවක්..මැතිවරණ කොමිසමේ සභාපති කියූ දේත් මෙන්න..(PHOTOS)

 

ඒ, මාධ්‍යවේදී චමුදිත සමර වික්‍රම මහතා ඝාතනය කිරීම්ම සඳහා විදෙස් රටකදී සාකච්ඡා කරන ලද කුමන්ත්‍රණය සහ මෙරට දේශපාලනිකව පමණක් නොව සමාජයේ මෙන්ම ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ද යම් නමක් රඳවා ගනිමින් ස්ථාවරත්වයකින් ක්‍රියාකරන තැනැත්තන් ඉල්ලක කරගනිමින් සිදුවන ඝාතන කුමන්ත්‍රණ මෙන්ම සාපරාදී අපරාධ ක්‍රියා පිළිබඳව නැවතත් යම් යම් සිදුවීම් වාර්තා වන්නට පටන් ඇති අතර ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරන ලෙස ඉල්ලමින්.

එම ලිපිය පහතින්,


Gallery