මාධ්‍යවේදී චමුදිත ඝාතන කුමන්ත්‍රණයේ තවත් කරුණු රැසක් එළියට..ඩුබායි සිට ප්ලෑන් කරපු තැන ගැනත් හෝඩුවාවක්..මැතිවරණ කොමිසමේ සභාපති කියූ දේත් මෙන්න..(PHOTOS)

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police Election Commission of Sri Lanka Election
By Aruna Aug 26, 2024 06:23 AM GMT
Aruna

Aruna

Report

ජ්‍යෙෂ්ඨ මාද්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා ඝාතනය කිරීමට සැලැසුම්කර ඩුබායි සිට සැලසුම් කර ඇති පුවත සම්බන්ධයෙන් තවත් විශේෂ තොරතුරක් අපවෙත ලැබී තිබෙනවා.

ඒ චමුදිත ඝාතනය කිරීමට ඩුබායි රාජ්‍යයේ පිරිසක් සාකච්ඡා කල ස්ථානයට ආදාලව තොරතුරයි.

එම ස්ථානය Google සිතියමට අනුව පෙන්වන්නේ පහත ආකාරයටයි.

මාධ්‍යවේදී චමුදිත ඝාතන කුමන්ත්‍රණයේ තවත් කරුණු රැසක් එළියට..ඩුබායි සිට ප්ලෑන් කරපු තැන ගැනත් හෝඩුවාවක්..මැතිවරණ කොමිසමේ සභාපති කියූ දේත් මෙන්න..(PHOTOS) | Chamuditha Samarawickrema

https://maps.google.com/?q=25.332668,55.395969

එම සාකච්ඡාව 2024/08/09 වන සිකුරාදා දින ඩුබායි වේලාවෙන් සවස 06.30ත් 07.30ත් අතර සිදුවී ඇති බව ද වාර්තා වනවා.

සාකච්ඡාව සදහා පුද්ගලයින් සිව්දෙනෙකු සම්බන්ධවී තිබෙන බවයි වාර්තා වන්නේ.

ඉන්ධන , විදුලිය සහ ආහාර මිල දැනෙන්න අඩු කරනවා..පාසලකට යාහැකි දුර 3kmක් කරනව..15000ක දීමනාවකුත් දෙනවා.මෙන්න අලුත්ම ආරංචිය..

ඉන්ධන , විදුලිය සහ ආහාර මිල දැනෙන්න අඩු කරනවා..පාසලකට යාහැකි දුර 3kmක් කරනව..15000ක දීමනාවකුත් දෙනවා.මෙන්න අලුත්ම ආරංචිය..


මේ අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති ආනන්ද රත්නායක මහතාගෙන් ද ගගන ප්‍රවෘත්ති අශයේ අප විමසීමක් කළා.

එහිදී ඒ මහතා කියා සිටියේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ වගකීම පැවරී ඇත්තේ පොලීසිය ඇතුලු රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් වගකීම හිමි පාර්ශව වෙත බවයි.

මැතිවරණ කොමිසමට ඇත්තේ, මැතිවරණය සම්බන්ධයෙන් කටයුතු කිරීමත්, මෙවැනි සිද්ධි ගැන සෙවීමට කාලයක් නොමැති බවත්, මේ ගැන ආරක්ෂක අංශ සොයා බලා ඊට අදාල ක්‍රියාමාර්ග ගතයුතුව ඇති බව ද ආනන්ද රත්නායක මහතා ගගන සමග වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

කෙසේවෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ දිනයේදී අප පිළියන්දල පොලීසියෙන් ද විමසීමක් කළා.

එහිදී පිළියන්දල පොලීසිය පැවසුවේ, මෙම සිද්ධිය බරපතල කාරණයක් බවත්, මේසම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය ඇතුළු වගකිව යුතු සියලුම අංශ දැනුවත් කර ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර ඇති බවයි.

මේ අතර, නාමල් කුමාර මහතා විසින් සිදු කරන මෙම ප්‍රකාශයට අදාලව තොරතුරු ලබාදුන් කාන්තාව ඩුබායි වල සිටින බවත්, ඇය හරහා ඉදිරියේදී තවත් තොරතුරු රැසක් ලබාගෙන මෙම විමර්ශනය කඩිනම් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවද පිළින්දල පොලීසිය වැඩිදුරටත් ගගන සමග කියා සිටියා.

අද බැංකු ගිණුම් විශාල ප්‍රමාණයකට කරන්න යන දේ..සියලු තොරතුරු හෙළිකරන්න යයි.

අද බැංකු ගිණුම් විශාල ප්‍රමාණයකට කරන්න යන දේ..සියලු තොරතුරු හෙළිකරන්න යයි.


කෙසේවෙතත් මාධ්‍යවේදීන්ගේ නිදහස සහ ආරක්ෂාව සම්බන්ධයෙන් මෙවැනි අභියෝගයන් එල්ලවී ඇති මොහොතක චමුදිතට එල්ලවී ඇති මරණ තර්ජනයට අදාලව මැතිවරණ කොමසාරිස් සමන් රත්නායක මහතාගෙන් ද ගගන ප්‍රවෘත්ති අංශයේ අප විමසීමක් කළේ ය.

එහිදී සමන් රත්නායක මහතා ප්‍රකාශ කළේ, මැතිවරණ කාලයේ පමණක් නොව සෑමදාම මාධ්‍යවේදීන්ගේ නිදහස සහ ආරක්ෂාව තහවුරු විය යුතු බවත්, එය මෙරට රජය ඇතුළු ආරක්ෂක අංශ වල ප්‍රධාන වගකීමක් වන බවයි.

එම නිසා මෙරට ආරක්ෂක අංශ මෙම සිද්ධියට අදාලව කඩිනමින් නීතිමය පියවර ගෙන මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කරනු ඇතැයි මැතිවරණ කොමසාරිස්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

තවද ඔහු ඒ පිළිබඳව පරීක්ෂණයක් කිරීමට දැනට සිටින පොලිස් ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කරන බව ද ප්‍රකාශ කරන ලදි.

අද ඔබට හදිසි ධන ලාභ ලැබෙන සුපිරි ග්‍රහයෝගයක්..විශේෂයෙන් මේ ලග්නවලට..

අද ඔබට හදිසි ධන ලාභ ලැබෙන සුපිරි ග්‍රහයෝගයක්..විශේෂයෙන් මේ ලග්නවලට..


ඒ අනුව නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම මැතිවරණ කොමිසමේ ප්‍රධාන කාර්යයභාරය බවත්, ඒවෙනුවෙන් මැතිවරණ කොමිසම කටයුතු කරන බවත්,මාධ්‍යවේදීන්ට සිදුවන මරණ තර්ජන සම්බන්ධයෙන් පොලීසිය ඇතුලු ආරක්ෂක අංශ ඊට අවශ්‍ය පියවර ගතයුතු බව ද ඒ මහතා අවධාරණය කළේය.

කෙසේවෙතත් මෙවන් අවස්ථාවක මිනිසෙකුගේ ජීවිතය ආරක්ෂා කර දීම වෙනුවෙන් ඉල්ලීමක් කිරීමට ඕනෑම පුද්ගලයෙකුට අයිතියක් මෙන්ම වගකීමක් ද තිබේ.

මේ පිළිබඳ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂක නාමල් කුමාරගෙන් ද ගගන අප විමසීමක් කළා.

එහිදී නාමල් කුමාර මහතා වැඩිදුරටත් පැවසුවේ, ඔව් එවැනි තර්ජනාත්මක සිද්ධියක් ගැන මගේ තොරතුරු කාරිය මට දැනුම් දුන්නා.

මගේ යුතුකමක් තමයි මම ඉටු කළේ. සමාජයට සුලභ මෙවැනි මාධ්‍යවේදීන් අපි ආරක්ෂා කළ යුතුයි.

පිළියන්දල පොලිසියෙන් කළ දැනුම් දීමකට අනුව මම පෙරේදා(24) දිනයේ පිළියන්දල පොලිසිය හමුවේ පෙනී සිටි බවයි නාමල් කුමාර මහතා අප සමඟ කියා සිටියේ.

මේ සම්බන්ධයෙන් චමුදිත සමරවික්‍රම මහතාගෙන්ද ගගන අප විමසීමක් කළා.

රට පුරා සියලුම පාසල් වලට අද විශේෂ වෙයි..හේතුව මෙන්න..

රට පුරා සියලුම පාසල් වලට අද විශේෂ වෙයි..හේතුව මෙන්න..


එහිදී ඔහු සඳහන් කළේ තමන් මේ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක් දැමූ බවත්, මාධ්‍යවේදීන් ලෙස ජනතාවට තොරතුරු ලබාදීම සහ ඇතැම් කරුණුකාරණා සම්බන්ධයෙන් තමන් ජනතාව වෙනුවෙන් හඬක් නගන බවයි.

එලෙස අදහස් දැක්වීමේදී ඇතැම් පාර්ශව තමන්ට චෝදනා එල්ල කළ ද තමන් නොබියම තම වගකීම ඉටු කරන බවය.

මෙවන් තත්ත්වයක් තුළ ඔහුගේ ආරක්ෂාව කඩිනමින් තහවුරු කිරීම රජය මෙන්ම, මෙරට ආරක්ෂක අංශ වල ප්‍රධාන වගකීමක් බව ගගන අප මතක් කර දෙන්නෙමු. ⁣