මසකට රු.20000ක ප්‍රතිපාදනයක් දී මාස 24කින් හිතාගන්නවත් බැරි විදිහට මෙරටට සිදු වන්න යන දේ.

Sajith Premadasa Sri Lanka Presidential Election 2024
By Wayomi Aug 26, 2024 12:19 PM GMT
Wayomi

Wayomi

Report

දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක් හරහා මසකට රු.20000ක ප්‍රතිපාදනයක් ලබා දෙමින් මාස 24කින් දුප්පත්කමින් මුදවන ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරනවා.

ඔහු මේ බව කියා සිටියේ, කන්තලේ සේරුවිල නගරයේ පැවැති ජන හමුවක් අමතමින්.

බද්ද ඉවත් කර ඉන්ධන මිල අඩු කරයි.? - ඇමති කංචනගෙන් විශේෂ ප්‍රකාශයක්.

බද්ද ඉවත් කර ඉන්ධන මිල අඩු කරයි.? - ඇමති කංචනගෙන් විශේෂ ප්‍රකාශයක්.

ඉන්ධන මිලෙහි යළි විශාල වෙනසක්. - තෙල් පරිභෝජනයෙත් වෙනස්කම්. - ලබන සතියේ එන අලුත්ම තීරණය මෙන්න.

ඉන්ධන මිලෙහි යළි විශාල වෙනසක්. - තෙල් පරිභෝජනයෙත් වෙනස්කම්. - ලබන සතියේ එන අලුත්ම තීරණය මෙන්න.


වර්තමාන රජයේත් රට බංකොලොත් කළ නායකයන්ගේත් අමනෝඥ තකතීරු ප්‍රතිපත්ති නිසා අප රටේ දශලක්ෂ ගණනින් දුප්පතුන් බවට පත්ව ඇති බවත් මේ රටේ දශලක්ෂ ගණනක් ජනතාව දුප්පත්කමින් තැලී පොඩිවී මිරිකී අසීමිත අසහනයට ලක්ව ඇති බවත් විපක්ෂ නායකවරයා පවසනවා.

එබැවින් ජීවත් වීමේ මාර්ගයක් නොමැති, පැහැදිලි ජීවනෝපායක් ආදායම් මාර්ගයක් නොමැති එදිනෙදා වේල් තුනවත් සපුරා ගත නොහැකි දුප්පත් ජනතාව වෙනුවෙන් ජනසවිය, සමෘද්ධිය, අස්වැසුම හා ගැමිදිරිය වැඩසටහන්වල හොඳ ගුණාංග එකතු කර අඩුපාඩු තුරන් කර නව දුගී දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර ආහාර හා ආහාර නොවන අවශ්‍යතා සඳහා, පාරිභෝජනය, ආයෝජනය, ඉතිරි කිරීම, නිෂ්පාදනය සහ අපනයනය යන කරුණු කේන්ද්‍ර කර නව දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක් හරහා මසකට රු.20000ක ප්‍රතිපාදනයක් ලබා දෙමින් මාස 24කින් දුප්පත්කමින් මුදවන ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ඔහු සඳහන් කරනවා.

සදාකාලිකව කවුරුත් දුප්පතුන් නොවිය යුතු බවත් දුප්පත්කම කියන වහල්භාවයට යට නොවිය යුතු බව ඔහු පවසා සිටියා.

ඒ, අනුව විවිධ ඛේදවාචකයන් නිසා අමනෝඥ සටකපට අකාර්යක්ෂම රාජ්‍ය ප්‍රතිපත්ති නිසා දුප්පත් වුවත් සදාකාලිකව දුප්පත්කමේ සිට පිං පඩි ගන්නා සමාජයක් බිහි නොවිය යුතු බවත් අභිමානවත් ජනතාවක් සිටින අප රටේ ජනතාව කාගේවත් වහලෙක් සේවකයෙක් නොවී අත නොපා ස්වශක්තියෙන් ස්වෝත්සාහයෙන් නැගී සිටීමට කැමැති ජනතාවක් සිටින නිසා කාලවකවානුවක් අනුව දුප්පත්කම තුරන් කරන බව විපක්ෂනායකවරයා සඳහන් කරනවා.

මේ භයානක පුද්ගලයා ඔබත් කොහේදී හෝ දුටුවහොත් මෙන්න මේ දේ කරන්න. - ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්. - (PHOTO)

මේ භයානක පුද්ගලයා ඔබත් කොහේදී හෝ දුටුවහොත් මෙන්න මේ දේ කරන්න. - ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්. - (PHOTO)


එමෙන්ම ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ, රු. 20000 සහනය දෙන විට මාස 24ක් පුරා ලැබෙන මේ ආධාර උපයෝගී කර ගෙන දුප්පත්කමින් මිදෙන්න කටයුතු කළ යුතු බවත් ඒ ප්‍රතිලාභ ලබා දෙන්නේ ගෘහයේ සිටින කාන්තාව මූලික කර ගෙන බවත් ගෘහයේ සියලු ක්‍රියාදාම විධිමත්ව හා ශක්තිමත්ව හා විනයවත්ව ක්‍රියාත්මක කරන්නේ ගෘහයේ කාන්තාව නිසා ඇය මූලික කර ගෙන මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි.

රටට බරක් ලෙස සලකන දුප්පත් ජනතාව නිෂ්පාදන ගමනේ බාරකරුවන් බවට පාර්ශ්වකරුවන් බවට පත් කරන බවත් දුප්පත්කම යනු බරක් නොව රට ගොඩනගන පසුබිම සකස් කරන්නක් නිසා මේ සහනය ලබා දෙන බවත් බොරුවෙන් තොර මේ වැඩසටහන මහපොළොවේ යථාර්ථයක් බවට පත් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් කියා සිටියා.

ජනාධිපති අපේක්ෂකගේ රාත්‍රී භෝජන සංග්‍රහයට මැතිවරණ කොමිසම පනී - සියළු කෑම බීම සීල් - අරක්කු පොලිසියට.

ජනාධිපති අපේක්ෂකගේ රාත්‍රී භෝජන සංග්‍රහයට මැතිවරණ කොමිසම පනී - සියළු කෑම බීම සීල් - අරක්කු පොලිසියට.

මිල රු.4000කින් අඩු කරමින් සහනාධාර ලබාදීම ඇරඹෙයි.

මිල රු.4000කින් අඩු කරමින් සහනාධාර ලබාදීම ඇරඹෙයි.