චමින්ද්‍රානි කිරිඇල්ලට ඉඩම් දෙන්න බැඳිලා නෑ, අක්කර 43 ගැන කෝප් කමිටුවේ අවධානය
කෝප් කමිටුවේදි ආන්දෝලනයට තුඩු දී ඇති ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයිතිව තිබු හන්තානවත්ත ප්‍රදේශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිනී චමින්ද්‍රානි කිරිඇල්ල මහත්මියට අක්කර 43ක ඉඩමක් නිදහස් කර ඇත්තේ ඉඩම් ප්‍රතිසංස්රණ පනතින් බැහැරව බව හෙළි වී ඇති බව වාර්තා වේ.

කතා හදන උන් සේරම බෝසත් ද,මගේ දුව කසාද 10ක් කරගත්තත් මට ප්‍රශ්නයක් නෑ තිසරගේ නැන්දම්මා මේ දෙහි කැපුවේ ෂෙරමිටද?
මේ කරුණු අනාවරණය වී ඇත්තේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව එම කමිටුව හමුවට කැඳවු අවස්ථාවේදි බව සඳහන්.
එම අවස්ථාවේදී පොදු ව්‍යාපාර සම්බන්ධ කාරක සභාවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් පද්මසිරි ලියනගේ මහතා කියා ඇත්තේ චමින්ද්‍රානි කිරිඇල්ල යන අයට ඉඩම් ලබා දීමට කිසිදු බැදීමක් නැති බවයි.
එසේම තවදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ,
''මේ ඉඩමට අදාළව අක්කර 50 ඉක්මවන ප්‍රකාශකයින් ඉන්නවා 22ක්. ප්‍රකාශකයින් නොවන අය ඉන්නවා 46 දෙනෙක්. මේ කිසි කෙනෙකුට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවෙන් මෙතෙක් ඉඩම් බැහැර වීමක් සිදු වෙලා නෑ. ප්‍රකාශකයින් නොවන අයට ඉඩම් බැහැර කිරීමට කිසිම අයිතියක් අපිට නෑ. මොකද ඒ ඉඩම් කොමිසන් සභාවට පැවරෙන්නේ නැති නිසා. ඒ අනුව චමින්ද්‍රානි කිරිඇල්ල කියන කෙනාට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවෙන් ඉඩම් දෙන්න කිසිදු බැදීමක් නෑ'' යනුවෙන්.
