මේ විෂයන් තවදුරටත් පාසල් විෂය මාලාවේ අනිවාර්ය නෑ
ගුරු විදුහල්පති ඇතුළු පාර්ශ්ව රැසකින් 2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අනුව ඉතිහාසය හා සෞන්දර්ය විෂයන් විෂයමාලාවෙන් ඉවත්කර ඇති බවට දැඩි චෝදනාවක් එල්ල වී තිබෙනවා.

කතා හදන උන් සේරම බෝසත් ද,මගේ දුව කසාද 10ක් කරගත්තත් මට ප්‍රශ්නයක් නෑ තිසරගේ නැන්දම්මා මේ දෙහි කැපුවේ ෂෙරමිටද?
එවැනි තත්ත්වයක අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව ඊයේ (17) දින පැවති වැඩසටහනකදී අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය නව විෂයමාලා පිළිබඳව කරුණු පැහැදිලි කර ඇති බව සඳහන්.
ඒ අනුව එම පැහැදිලි කිරීමට අනුව 10 සහ 11 ශ්‍රේණිවලදී මව් භාෂාව, ඉංග්‍රීසි, ගණිතය, විද්‍යාව සහ ආගම යන විෂයන් අනිවාර්යය විෂයන් ලෙස දක්වා ඇති බව පවසයි.
එසේම ඉතිහාසය හා සෞන්දර්ය විෂයන් පත්කර ඇත්තේ තෝරාගන්නා විෂයන් අතරට පත් කර ඇත.
එනිසා මෙම තත්ත්වය මත ගුරු විදුහල්පති සංගම් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව අද දිනත් තම විරෝධය පළ කල බව සඳහන්.