වහාම ලංකා විදුලිබල මණ්ඩලය අහෝසි කරන දිනේ කියන්න - ජනපතිට ලියුමක්

Report

ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ස්වේච්ඡාවෙන් විශ්‍රාමයාම වෙනුවෙන් ඉල්ලුම්කර ඇති සේවකයින් 2,200 දෙනාගේ ජීවනෝපාය සුරැකීම සඳහා මැදිහත් වන්නැයි එම සේවකයින් විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර ඇත.

ඒ අනුව අදාළ ලිපියෙන් එම සේවකයින් පවසා ඇත්තේ ලබා දුන් නිශ්චිත කාල රාමුවක් තුළ ස්වේච්ඡාවෙන් විශ්‍රාම යාමට තීරණය කරන ලද අතර ඒ හා සමගාමීව ඔවුන්ගේ ඉදිරි ජීවනෝපාය මාර්ග සැලසුම් කළ බවත් ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය දිනෙන් දින කල්යාම තුළ ඔවුන් දැඩි වියවුලකටද පත්ව ඇති බවයි.

මේ මාසේ අවසානේ වෙද්දි ලංකා විදුලිබල මණ්ඩලය අහෝසියි - විදුලි ගාස්තු සංශෝධනය ගැනත් දැනුම් දීමක්

මේ මාසේ අවසානේ වෙද්දි ලංකා විදුලිබල මණ්ඩලය අහෝසියි - විදුලි ගාස්තු සංශෝධනය ගැනත් දැනුම් දීමක්

එමෙන්ම විශ්‍රාම අයදුම් කළ සේවකයින් වන ඔවුන් ලංකා විදුලි බල මණ්ඩලය අහෝසි වන නියමිත දිනය ප්‍රකාශයට පත් කරන තෙක් මණ්ඩලයෙන් ඉවත් වී ඔවුන්ගේ නව සැලසුම් ක්‍රියාත්මක කර ගැනීමට නොහැකි වී තිබෙන බවත් සඳහන් කර ඇත.

එබැවින් අඳාළ සේවකයින් සිය ලිපියේ සඳහන් කර ඇත්තේ නියමිත දිනය ප්‍රකාශට පත් කිරීමට අවශ්‍ය සියලු කටයුතු අවසන් කර ඇති බව විදුලිබල ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු බුදු නිරෝෂන් හැඩිගල්ලගේ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදෙමින් ද දැනුම් දී තිබෙන බවයි.

අවුරුදු 22 ට අඩු සියලුම තරුණ තරුණියන්ට මේවා නොමිලේ

අවුරුදු 22 ට අඩු සියලුම තරුණ තරුණියන්ට මේවා නොමිලේ

ඒ අනුව එම සේවකයින් විසින් නිකුත් කළ සම්පූර්ණ ලිපිය පහතින්,

CEB Latter by poornima

වැටුප් හා විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් රජයෙන් තීරණයක්

වැටුප් හා විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් රජයෙන් තීරණයක්