මේ මාසේ අවසානේ වෙද්දි ලංකා විදුලිබල මණ්ඩලය අහෝසියි - විදුලි ගාස්තු සංශෝධනය ගැනත් දැනුම් දීමක්

Report

ලංකා විදුලිබල මණ්ඩලය මෙම මාසය අවසානයේදී අහෝසි කිරීමට නියමිතව ඇති අතර, එහි සේවකයන් 2,158 දෙනෙකු ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමට කටයුතු යොදා තිබෙනවා.

ඒ අනුව ඔවුන්ට වන්දි ගෙවීමට අවශ්‍ය රුපියල් කෝටි 15,000ක මුදල වසර පහකින් පියවීමේ පදනම මත බැංකු ණයක් වශයෙන් ලබා ගැනීමට මණ්ඩලය තීරණය කර ඇත.

එසේම අදාළ බැංකු ණයේ පළමු කාර්තුවට හිමි රුපියල් කෝටි 87ක වාරිකය පියවා ගැනීම සඳහා විදුලි ගාස්තු ඉහළ නැංවීමට මණ්ඩලය මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් අවසර ඉල්ලා තිබේ.

මේ අතර ලංවිම මඟින් 11.57% ක සාමාන්‍ය ගාස්තු වැඩි කිරීමක් යෝජනා කළ ද, ඇතැම් ගාස්තු කාණ්ඩ යටතේ පවතින මිල මෙන් විසි ගුණයක පමණ අසාමාන්‍ය වැඩිවීමක් පෙන්නුම් කර තිබූ බව ද වාර්තා වේ.

වහාම ලංකා විදුලිබල මණ්ඩලය අහෝසි කරන දිනේ කියන්න - ජනපතිට ලියුමක්

වහාම ලංකා විදුලිබල මණ්ඩලය අහෝසි කරන දිනේ කියන්න - ජනපතිට ලියුමක්

ඒ අනුව මෙම අසමතුලිත ගාස්තු ගණනය කිරීම් නිසා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අදාළ යෝජනාව ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මෙසේ ගාස්තු වැඩිකිරීමට අවසර නොලැබීම හේතුවෙන් ණය වාරික ගෙවා ගත නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇත.

ඒ අනුව මණ්ඩලය අහෝසි කිරීමෙන් පසුව මින් ඉදිරියට විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ ක්‍රියාවලිය සෑම මාස හයකට වරක් සිදු කිරීමට ද යෝජනා වී ඇත.

එළැඹෙන සති අන්තයේ සහ සඳුදා දින රට තුළ ඉන්ධන හිඟයක් - දිවයිනටම අනතුරු ඇඟවීමක්

එළැඹෙන සති අන්තයේ සහ සඳුදා දින රට තුළ ඉන්ධන හිඟයක් - දිවයිනටම අනතුරු ඇඟවීමක්

අවුරුදු 22 ට අඩු සියලුම තරුණ තරුණියන්ට මේවා නොමිලේ

අවුරුදු 22 ට අඩු සියලුම තරුණ තරුණියන්ට මේවා නොමිලේ

"කිසි සේත්ම අපි තනියෙන් හිරේ යන්නේ නෑ.." - ග්‍රාම නිළධාරීන්ගේ දැඩි ප්‍රකාශය

"කිසි සේත්ම අපි තනියෙන් හිරේ යන්නේ නෑ.." - ග්‍රාම නිළධාරීන්ගේ දැඩි ප්‍රකාශය