වැටුප් හා විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් රජයෙන් තීරණයක්

Report

රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා පවසන්නේ මෙවර අයවැය මගින් යෝජිත වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාව පිහිටුවීමේ කටයුතු කඩිනම් කරන බවයි.

රාජ්‍ය සේවක වෘත්තීය සමිති කීපයක් සමඟ ඊයේ අමාත්‍යංශයේ දී සිදු කරන ලද සාකච්ඡාවකදී අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ වැටුප් හා විශ්‍රාම වැටුප් ප්‍රතිපත්ති තිරසාර ආකාරයට කළමනාකරණය කිරීම වත්මන් රජයේ ප්‍රමුඛ වගකීමක් වන බවයි.

බිළිදාගේ පෙකණි වැල කියලා ඇගිල්ල කපලා - මොන අපරාධයක්ද

බිළිදාගේ පෙකණි වැල කියලා ඇගිල්ල කපලා - මොන අපරාධයක්ද

වැටුප් විෂමතා සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණයට ඇති වන අභියෝග සැලකිල්ලට ගනිමින් රාජ්‍ය සේවකයින්ගේ සහ විශ්‍රාමිකයන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් පිළිබඳ ඇති වන ගැටලුවලට විසඳුම් ලබා දීම සඳහා වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවක් ස්ථාපනය කිරීමට යෝජනා වූ අතර මෙම සාකච්ඡාවේදී අමාත්‍යවරයා අවධාරණය කරන ලද්දේ අනෙක් වෘත්තීය සමිතිවල අදහස්වලට ද මෙවැනි සාකච්ඡා අවස්ථාවන් විවෘත වන බවය.

විදුලිය පාවිච්චි නොකලත් රු.2100ක අනිවාර්ය ගෙවීමක්? මෙන්න විස්තරේ

විදුලිය පාවිච්චි නොකලත් රු.2100ක අනිවාර්ය ගෙවීමක්? මෙන්න විස්තරේ

2026 වසර අයවැය මගින් ජනාධිපතිවරයාගේ මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ ද මෙහි කඩිනම් අවශ්‍යතාව හඳුනාගනිමිනි. අමාත්‍යාංශ ලේකම්වරුන් සහ ජනාධිපතිවරයා අතර පැවැති සාකච්ඡාවේදී ද මෙම කොමිසම ස්ථාපිත කිරීමේ කටයුතු කඩිනම් කරන ලෙසට උපදෙස් ලබාදී තිබේ.

ඒ අනුව කොමිසම ස්ථාපිත කිරීමෙන් පසු සියලුම රාජ්‍ය සේවකයින්ට සියලුම වෘත්තීය සමිති සමිතිවලට වාචිකව හෝ ලිඛිතව කරුණු ඉදිරිපත් කිරීමේ හැකියාව ලැබෙන බව ද මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් බවත් සඳහන් කළේය.