සබන් කෑල්ලටත් නව නීතියක් - සියලු නිෂ්පාදකයන්ට හා පාරිභෝගිකයන්ට අති විශේෂ දැනුම්දීමක්

Report

වෙළෙඳපොළේ විකිණීමට ඇති සබන් නිෂ්පාදනය කිරීම සඳහා යොදාගන්නා සියලුම අමුද්‍රව්‍ය අදාළ නිෂ්පාදන දවටනයෙහි පැහැදිලිව සඳහන් කිරීම අනිවාර්ය කරන ලෙස පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය රජයෙන් ඉල්ලා සිටී.

විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානයේ සභාපති රංජිත් විතානගේ මහතා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් (CAA) ඉල්ලා සිටින්නේ, සබන් ඇසුරුම් මත අමුද්‍රව්‍ය ලැයිස්තුව ඇතුළත් කිරීම අනිවාර්ය කරමින් වහාම නව ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගන්නා ලෙසයි.

විශේෂ නව නීතියක් - මෙහෙම නැත්නම් ආයේ සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය කිරීම සම්පූර්ණයෙන් තහනම්

විශේෂ නව නීතියක් - මෙහෙම නැත්නම් ආයේ සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය කිරීම සම්පූර්ණයෙන් තහනම්

සබන්වල අඩංගු රසායනික හා වෙනත් අමුද්‍රව්‍ය පිළිබඳව නිවැරදිව දැනුවත් වීමට පාරිභෝගිකයාට ඇති අයිතිය සුරක්ෂිත කිරීම මෙහි ප්‍රධාන අරමුණ බව ද එම සංවිධානය පෙන්වා දෙයි.

සබන් නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් කිරීමේදී ඒවායේ ඇසුරුම මත නිෂ්පාදනයේ නම සහ මේද ප්‍රතිශතය හෙවත් ටී.එෆ්.එම් (TFM) අගය ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය කරමින් නව ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පසුගියදා ගනු ලැබූ තීරණය සිය සංවිධානයේ ඇගයීමට ලක්වන බව ද රංජිත් විතානගේ මහතා සිය නිවේදනය මඟින් සඳහන් කර ඇත.

ගුවන්තොටුපොළේ ගුවන් ගමන් තාවකාලිකව නවතී - ගුවන් වාර සහ වෙලාවන් වෙනස් වේ

ගුවන්තොටුපොළේ ගුවන් ගමන් තාවකාලිකව නවතී - ගුවන් වාර සහ වෙලාවන් වෙනස් වේ

කෙසේ වුවද, එම නීතිය මේද ප්‍රතිශතයට පමණක් සීමා නොකර, සබන් නිෂ්පාදනයට යොදාගන්නා අමුද්‍රව්‍ය පිළිබඳව ද පාරිභෝගිකයන් දැනුවත් වීමේ දැඩි වැදගත්කමක් පවතින බැවින්, අමුද්‍රව්‍ය ප්‍රදර්ශනය කිරීම ද අනිවාර්ය නීතියක් බවට පත්කිරීමට අධිකාරිය කඩිනමින් මැදිහත් විය යුතු බව එම සංවිධානය වැඩිදුරටත් අවධාරණය කරයි.