ගුවන්තොටුපොළේ ගුවන් ගමන් තාවකාලිකව නවතී - ගුවන් වාර සහ වෙලාවන් වෙනස් වේ
By Mithu
ඉරානය විසින් කලාපය වෙත එල්ල කරන ලද මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සියලුම ගුවන් යානා ගමන් වාර තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.
මැද පෙරදිග පවතින උණුසුම් ආරක්ෂක තත්ත්වය සලකා බලමින් ගුවන් ගමන් ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙම හදිසි තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ගුවන්තොටුපොළේ මෙහෙයුම් කටයුතු මෙලෙස අත්හිටුවීම හේතුවෙන් කුවේට් රාජ්‍යයේ නිල ගුවන් සේවය වන 'කුවේට් එයාවේස්' (Kuwait Airways) ආයතනය විසින් සිය බොහෝ ගුවන් ගමන් වාර වෙනත් වේලාවන් වෙත සංශෝධනය කිරීමට පියවර ගෙන ඇත.
මෙම හදිසි කාලසටහන් වෙනස්වීම් හේතුවෙන් අපහසුතාවයට පත්වන ගුවන් මගීන්ට තමන් ගමන් කිරීමට නියමිත ගුවන් වාරවල නවතම තත්ත්වය සහ වේලාවන් පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන ලෙස එම ගුවන් සමාගම නිල වශයෙන් දැනුම් දී සිටී.