විශේෂ නව නීතියක් - මෙහෙම නැත්නම් ආයේ සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය කිරීම සම්පූර්ණයෙන් තහනම්

Report

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ (SLS) භාණ්ඩ සහතික ලාංඡනය නොමැතිව දේශීයව නිෂ්පාදනය කරනු ලබන සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය කිරීම, ඇසිරීම, බෙදාහැරීම, ප්‍රවාහනය, ගබඩා කිරීම සහ අලෙවි කිරීම 2026 ඔක්තෝබර් මස 8 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සම්පූර්ණයෙන්ම තහනම් වන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිවේදනය කර තිබේ.

2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 12(2) වැනි වගන්තිය යටතේ මෙම විශේෂ විධානය නිකුත් කර ඇති අතර, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් නිකුත් කරනු ලබන SLS භාණ්ඩ සහතික ලාංඡනය දරන්නේ නම් පමණක් එම නිෂ්පාදන දේශීය වෙළෙඳපොළට නිකුත් කිරීමට අවසර හිමි වේ.

සියලුම රාජ්‍ය ආයතනවලට අති විශේෂ චක්‍රලේඛයක් - ජූලි 31 තෙක් ක්‍රියාත්මක කරන්නයැයි නියෝග

සියලුම රාජ්‍ය ආයතනවලට අති විශේෂ චක්‍රලේඛයක් - ජූලි 31 තෙක් ක්‍රියාත්මක කරන්නයැයි නියෝග

මෙම නව නියෝගය ප්‍රධාන වශයෙන් එක්වරක් පමණක් භාවිත කරනු ලබන සනීපාරක්ෂක තුවා (SLS 1732) සහ එක්වරක් පමණක් භාවිත කරන සිහින් සනීපාරක්ෂක තුවා (SLS 1748) සඳහා අදාළ වන බව එම නිවේදනයේ සඳහන් වේ.

එමෙන්ම, මෙරටට ආනයනය කරනු ලබන සනීපාරක්ෂක තුවා ද ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් ක්‍රියාත්මක කරනු ලබන ආනයන ප්‍රමිතිකරණ හා තත්ත්ව පාලන පරීක්ෂණ ක්‍රමවේදය යටතේ පරීක්ෂා කර අනුමත කර නොමැති නම්, ඒවා ආනයනය කිරීම, බෙදාහැරීම, ගබඩා කිරීම හෝ අලෙවි කිරීම ද සපුරා තහනම් වේ.

වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම පුද්ගලික රෝහල් සහ වෛද්‍ය රසායනාගාර වටලයි - දිවයින පුරා එකම මෙහෙයුමක්

වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම පුද්ගලික රෝහල් සහ වෛද්‍ය රසායනාගාර වටලයි - දිවයින පුරා එකම මෙහෙයුමක්

මීට අමතරව, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් අදාළ ප්‍රමිතීන්ට ඉදිරියේදී සිදු කරනු ලබන සියලුම සංශෝධන සඳහා ද මෙම නියෝගය එකසේ බලපැවැත්වෙන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් දැනුම් දෙයි.