මෙහෙම ගියොත් කේක් කන්නත් වෙනමම රස්සාවක් කරන්න වෙන පාටක්...

By Piyumika Nov 06, 2024 03:46 AM GMT
Report

තිරිඟු පිටි,මාගරින් ආදියෙහි මිල අඩු කිරීම සඳහා බලයට පත්වන නව ආණ්ඩුව කටයුතු නොකළහොත් ඉදිරි උත්සව සමයේදී කේක් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල තවදුරටත් ඉහළ යාහැකි බව බේකරි හිමියෝ පවසති.

කේලම් කියන්න ගිය නැන්දම්මට අයේ කට ඇරගන්න බැරිවෙන්නම බෑනා කරපු දේ...

කේලම් කියන්න ගිය නැන්දම්මට අයේ කට ඇරගන්න බැරිවෙන්නම බෑනා කරපු දේ...

මේ වනවිට තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 190 ත් 195 ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් ඇති බවත්,මාගරින්,බිත්තර ආදියද ඉහළ මිලක පවතින බවත් ඔව්හු පවසති.

මෙලෙස බේකරි නිෂ්පාදන අමුද්‍රව්‍ය මිල ගණන් ඉහළ යාම නිසා බටර් කේක් කිලෝවක මිල රුපියල් 1,000 ත් 1,200 ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් තිබේ.

කෙම්පිටිය වලව්වේ හිමිකරු ඝාතනය ගැන නොහිතපු තොරතුරු එලියට..හිතුවෙවත් නැති කෙනෙක් සැලසුම පිටුපස..

කෙම්පිටිය වලව්වේ හිමිකරු ඝාතනය ගැන නොහිතපු තොරතුරු එලියට..හිතුවෙවත් නැති කෙනෙක් සැලසුම පිටුපස..

ඉදිරි උත්සව සමයේදී බිත්තර මිල තවදුරටත් ඉහළ ගියහොත් කේක් මිල ගණන්ද ඉහළ දැමීමට සිදු වන බව බේකරි හිමියෝ අවධාරණය කරති.

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධනගෙන් කරන ලද විමසීමකදී කියා සිටියේ තිරිඟු පිටි කිලෝවක් රුපියල් 150 ක් වැනි මිලකට ලබාදීමට සමාගම්වලට හැකියාව පවතින බවත්,එම මිලට තිරිඟු පිටි ලබාදුනහොත් කේක් කිලෝවක් රුපියල් 1,000 කට වඩා අඩු මිලකට ලබාදීමට හැකි බවත්ය.