කෙම්පිටිය වලව්වේ හිමිකරු ඝාතනය ගැන නොහිතපු තොරතුරු එලියට..හිතුවෙවත් නැති කෙනෙක් සැලසුම පිටුපස..

Report

 කෑගල්ල - කෙම්පිටිය වලව්වේ හිමිකරු ඝාතන සිද්ධියට කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ බිරිදක් ඇතුළු 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් කණ්ඩායම් 4ක් සිදුකළ විමර්ශන වලට අනුව පිළියන්දල - බෝකුන්දර ප්‍රදේශයේදී කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සැගව සිටියදී සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවා.

සූකර උණ සම්බන්දව නව ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පියවර..

සූකර උණ සම්බන්දව නව ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පියවර..

සැකකාර කාන්තාව පිළියන්දල - තුන්බෝවිල ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි වියේ පසුවන අතර, අනෙක් සැකකරුවන් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි අපරාධ කල්ලි සාමාජිකයන් දෙදෙනෙක්.

පසුගිය 27 වැනිදා සිදුවූ මෙම ඝාතන සිද්ධිය කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ බිරිද විසින් මෙහෙයවා ඇති අතර, ඇය විසින් අපරාධ කල්ලි සාමාජිකයන් තුන්දෙනෙකු ලවා එය සිදුකර ඇති බවටයි මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.

මිල කල නොහැකි කියා විකුණන්න ගිය දෙයක් නිසා හතරකට වැඩ වැරදි..

මිල කල නොහැකි කියා විකුණන්න ගිය දෙයක් නිසා හතරකට වැඩ වැරදි..

අදාළ සාමාජිකයින් බෝකුන්දර ප්‍රදේශයට කැදවා කුලියට ලබාගත් මෝටර් රථයක මොවුන්ව නංවාගෙන කෑගල්ල ප්‍රදේශයට ගොස් කෙම්පිටිය වලව්ව පෙන්වා ඇති බවයි වාර්තා වන්නේ.

පසුව මොවුන් රන්වල ප්‍රදේශයට පැමිණ නැවතත් ත්‍රීරෝද රථයකින් කෙම්පිටිය වලව්වට ගොස් එහි හාම්පුතුගේ අතපය බැද දමා මුඛය බැද ගෙල සිර කර ඝාතනය කර බිරිදට පහර දී මුදල් ඇත්දැයි සෝදිසි කර තිබෙනවා.

2025 පාසල් වල වැඩ වෙන්නේ මෙන්න මෙහෙමයි..

2025 පාසල් වල වැඩ වෙන්නේ මෙන්න මෙහෙමයි..

එහිදී විශාල මුදලක් ඇති බව සිතා වලව්වට කොල්ලකෑමට ගියද එහි තිබී රුපියල් දස දහසක මුදලක් පමණක් හමුව ඇති අතර හාම්පුතුගේ අතෙහි තිබූ මුදුව ද රැගෙන, වලව්වේ තිබූ මෝටර් රථයෙන් සැකකරුවන් පළා ගොස් ඇති බවයි පොලිසිය සදහන් කළේ.

අනතුරුව සැකකාර කාන්තාව විසින් කොල්ලකෑ මුදුව විකුණා 1,65,000ක මුදලක් ලබාගෙන ඇති බවට විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.සැකකරුවන් ඊයේ කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.