කේලම් කියන්න ගිය නැන්දම්මට අයේ කට ඇරගන්න බැරිවෙන්නම බෑනා කරපු දේ...
By Piyumika
වවුනියාවේ සුන්දරපුරම් ප්‍රදේශයේදී පදිංචි පුද්ගලයෙකු විසින් කාන්තාවකගේ කටට වෙඩි තැබීම නිසා බරපතල තුවාල ලබා එම කාන්තාව ඊයේ (05) වවුනියාව මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
කාන්තාවට වෙඩි තබන ලද පුද්ගලයා එම කාන්තාවගේ බෑනා කෙනෙකුවන බවත්, කේලම් කීමේ සිද්ධියක් මත උරණ වී කාන්තාවගේ කටට වෙඩි තබා ඇති බවත්, වවුනියාවේ ඊච්චන්කුලම පොලිසිය සඳහන් කරනවා.
වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ වයස අවුරුදු 53ක කාන්තාවක්වන අතර, ඇයට වෙඩි තබන ලද තුවක්කුව පොලිසිය විසින් සොයා ගෙන තිබෙනවා.
කාන්තාවට වෙඩි තැබීමෙන් පසුව වෙඩි තබන ලද බෑනා පළාතෙන් පලාගොස් ඇති අතර, ඔහුව අත්අඩංගුවට ගැනීමට ඊච්චන්කුලම පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.