මේ බදු පනත සංශෝධනය කිරීමට අනුමැතිය
2022 අංක 25 දරණ සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ.
ඒ අනුව 2026 අයවැය යෝජනාවක් අනුව, 2022 අංක 25 දරණ සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත සංශෝධනය කිරීම වෙනුවෙන් නීති කෙටුම්පත් සම්පාදක විසින් පනත් කෙටුම්පතක් සකස් කර තිබෙනවා. අඳාළ පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී ඇත.
ඒ අනුව එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් පසුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ අඳාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය මඟින් අනුමත කර ඇත.